Connect with us

ඡායාරූප සටහන

ලාංකේය රිදී තිරයේ සදාතනික තාරකාවිය එසේ සමුගත්තාය…(ඡායා)

Published

on

හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ඊයේ (26) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්විණි.

පසුගිය 24 දා අලුයම කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ මාලනී ෆොන්සේකා මහත්මිය මිය යන විට 78 වන වියේ පසුවූවාය.

පසුගිය 24දා සවස මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහය ඇය ජීවත්ව සිටි මාදිවෙල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත රැගෙන ආ අතර එය පසු දින පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබීය.

ඊයේ පෙරවරුවේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන ආ අතර ඒ අනුව අද පස්වරු 3.30 දක්වා මහජන ගෞරව සඳහා දේහය නිදහස් චතුරස්‍ර පරිශයේ තැන්පත් කරනු ලැබීය.

පසුව පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන ආ අතර එහිදි මහා සංඝරත්නය විසින් දේහය පිළිබඳව ආගමික වතාවත් සිදුකරනු ලැබීය.

පසුව පස්වරු 5.45ට පමණ දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කෙරුණු අතර එහිදී ඉන්ද්‍රචාපා ලියනගේ සහ ආනන්ද ගමගේ විසින් චිතකය වෙත ගිනි දැල්වීය.

හෙළ සිනමාවේ නිළි රැජිනියනි ඔබට නිවන් සුව….!

ඡායා – නිරෝෂා ජයවර්ධන

ඡායාරූප සටහන

ජපානයේ සවරා හී ලංකා ජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මෙවරත් උත්සවාකාරයෙන්…

Published

on

By

ජපානයේ ඉදි වූ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා හී ලංකා ජී විහාරයේ 41 වන වරට පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වෙනි දින දවස පුරා  ජපානය වාසය කරන සිංහල බෞද්ධ සැදැහැවතුන් සහ අධ්‍යාපන කටයුතු සඳහා ජපානයට පැමිණ සිටින තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් වුණි.

ථෙරවාදී සම්ප්‍රදායානුකූලව ජපානයේ 41 වන වරටත් පැවැත් වූ වෙසක් පුණ්‍ය මහෝත්සවය ජපානයේ ප්‍රධාන සංඝනායක,ශ්‍රී ලංකා මහ බෝධි සංගමයේ සභාපති, ලංකාජී විහාරයේ නිර්මාතෘ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස  අභිනවයෙන් පත් වූ මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍යන් රාසමානික්‍යයන් මහතා යන අයගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකික සහ ජපන් බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

බානගල උපතිස්ස නා හිමියන්ගේ  අනුශාසනා පරිදි සවරා ලංකා ජී විහාරවාසි කොස්වත්තේ පාලිත හිමියන්ගේ සංවිධායකත්වයෙන්  පැවැති මෙම වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී   උදෑසන කිරි ආහාර සහිත සම්බුද්ධ පූජාව  සහ දහවල් සම්බුද්ධ පූජාව සහ සවස චතුමධුර සහිත අටවිසි  ගිලන්පස බුද්ධ පූජාව  ලංකාජී විහාරවාසී ගලබඩ අස්සජි ස්වාමීන්  වහන්සේ  සිදු කළහ. එම අවස්ථාවට විහාරවාසී හේනේගෙදර ශීල භද්‍ර හිමිපාණෝ ද මොට්ටුනේ  අංගිරස හිමියෝ ද එක් වූහ.

පුණ්‍ය  උත්සවය මෙහෙයවීම ලංකාජී  විහාරවාසී යටවර පඤ්ඤාරාම හිමියෝ  සිදු කළහ. විහාරස්ථ දායක සභාව මෙදින විහාරවාසී සහ වැඩමවා වදාළ  මහ සංඝරත්නය උදෙසා උදෑසන සහ දහවල්  සපිරිකරගත සංඝ දක්ෂිණාවන් පැවැත්වීම සිදුකෙරින.  ඊට අමතරව ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික පවුල් සහ ආයතන සංවිධානය කර තිබූ ආහාරපාන,තේ පැන්  දන්සැල් විහාර පරිශ්‍රයේ දවස පුරා පැවැත්වුණි.

මෙහි දී අදහස් දැක්වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා  ප්‍රකාශ කළේ වසර හතලිහකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවෙන් ජපානයට පැමිණි තරුණ තරුණියන් විශාල පිරිසකට සිය ජීවිතය මං මුලා නොවී සාර්ථක කරගැනීමට එදා පටන්ම මග කියා දුන් බානගල නායක හාමුදුරුවෝ, මීට වසර විසි එකකට පෙර තමන්  ජපානයට පැමිණි අවස්ථාවේ ද නොමසුරුව තමන්ට කියා දුන් බවත්,බානගල නායක හාමුදුරුවන් වහන්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගූ ශක්තිමත් සබඳතාවේ පාලම අපි නිවැරදිව පාවිච්චි කළා නම් අද අපේ රට ආර්ථික හා සංස්කෘතික වශයෙන් මීට වඩා විශාල  තැනකට ඔසවා තැබීමට  හැකියාව තිබූ බවත් එම නිසා  ජපානය සහ ශ්‍රී ලංකාව අතර එම සබඳතාව වර්තමාන රජය යටතේ ඉහල තැනකට ගෙන  උන් වහන්සේගේ අවවාද අනුශාසනා අපේක්ෂා කරන බවය.

Continue Reading

ඡායාරූප සටහන

“සංචාරක උදාව 2025” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

Published

on

By

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සක්‍රීයව සම්බන්ධ වන මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය (SLTPB) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමය (SLAITO) එක්ව සංවිධානය කරනු ලබන “සංචාරක උදාව” මෙරට සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට තම භාණ්ඩ හා සේවා සඳහා වෙළෙඳපොළ අවස්ථාවන් හඳුනා ගැනීමට අනගි අවස්ථාවකි.

වෙළෙඳ කුටි 250කින් සමන්විත මෙම ප්‍රදර්ශනය  අද (23) සහ හෙට (24) දෙදින තුළ පැවැත්වෙන අතර හෝටල්, සංචාරක නියෝජිතයන්, ගුවන් සේවා සමාගම්, සංචාරක සේවා සපයන්නන්, අධ්‍යාපන ආයතන ඇතුළු ක්ෂේත්‍ර රැසක නියෝජිතයෝ ඊට එක්ව සිටිති.

ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා එය නැරඹීමටද එක් වූ අතර ප්‍රදර්ශනයට එක්ව සිටි සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කථා බහකද නිරත විය.

මෙහි සමාරම්භක අවස්ථාවේදී අදහස් දැක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025 වසර සංචාරක උදාවේ වසර බවත්, මෙම වසර අවසන් වන විට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 05ක ආදායමක් උපයා ගැනීමට රජය සැලසුම් කර ඇති බවත් සඳහන් කළේය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති නලින් ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ඇතුළු ආරාධිත පිරිසක් මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා)

Published

on

By

යාපනය නල්ලුර් කන්දසාමි කෝවිලට සමීපව යාපනය, පේදුරුතුඩුව මාර්ගයේ අලුතින් ස්ථාපිත කරණ ලද බැරිස්ටා (Barista) අවන්හලේ නාම පුවරුව ගලවා යාපනය මහනගර සභාව විසින් ඉවත් කර තිබේ.

ඊයේ (22) අලුයම් කාලයේදී මේ දැන්වීම් පුවරුව ඉවත් කර ඇති අතර ඒ එම අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වු දැඩි විරෝධතාව නිසා බව පැවසේ.

නිසි ආකාරයෙන් බලපත්‍රයක් ලබා ගන්නා ලෙස දැනුම් දෙමින් යාපනය මහ නගර සභාව විසින් නාම පුවරුව ඉවත් කර ඇතැයි ද පැවසේ.

මෙම බැරිස්ටා නව ශාඛාව විවෘත කර ඇත්තේ යාපනය මහ නගර සභාව ඉදිරිපිටමබවද පැවසේ.

දිලුප පතිරණ ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂ ධුරය දරන බැරිස්ටා කොෆි ලංකා පුද්ගලික සමාගමේ ශ්‍රී ලංකාව තුළ  ශාඛා 60 ක් මේ වන විට පවතින අතර ජනතා විරෝධය එල්ල වු පේදුරුතුඩුව මාර්ගයේ නව ශාඛාවට අමතරව යාපනය රෝහල පාරේද ඔවුන්ගේ කෝපි හලක් තිබේ.

යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි හා යාපනයේ නිර්මාංශික ශිව භක්තිකයන් මැයි 20 වැනිදා දැවැන්ත විරෝධයක් දියත් කරමින් බල කර තිබුනේ යාපනය නල්ලුර් කෝවිලට සමීපව යාපනය පේදුරුතුඩුව මාර්ගයේ ස්ථාපිත කර තිබෙන බැරිස්ටා කෝපිහල වහාම එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසයි.

නල්ලූර් කෝවිල ඉදිරිපිටින් මැයි 20 වැනිදා විරෝධතා පෙලපාලියක් ආරම්භ කළ නිර්මාංශික හින්දු භක්තිකයන් යාපනය මහ නගර සභාව දක්වා ගොස් මෙම අවන්හල වහාම ඉවත් කරන ලෙස ඉල්ලා තිබු අතර මැයි 21 වැනිදා අත්සන් සියගණනක් සහිත ලිපියක් මහ නගර සභාවේ කොමසාරිස්වරයාට බාර දෙමින් ඔවුන් යළිත් එම ඉල්ලීම සිදු කර තිබේ.

යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි පවසන්නේ මෙම අවහන්හල වාර්ගික සහ ආගමික සහජීවනයට බාධාවක් බවයි.

“නල්ලූර් භුමියේ අවසරයකින් තොරව නීති විරෝධී ලෙස පිහිටුවා ඇති මෙම නිර්මාංශ නොවන අවන්හල වසා දමන ලෙස ඉල්ලා අපි මහ නගර සභාවේ කොමසාරිස්වරයාට ලිපියක් ඉදිරිපත් කරා. දකුනේ බහුජාතික මාංශ අවන්හලක ශාඛාවක් පිහිටුවීමෙන් වාර්ගික සහජීවනය සහ ආගමික සහජීවනයට බාධා කරන අසාධාරණ ක්‍රියාවක් සිදු කර ඇති බව නල්ලූර් ප්‍රජාව විදිහට අපි දකිනවා.”

විරෝධතාකරුවන්  මහ නගර සභාවේ කොමසාරිස්වරයාට බාර දුන් ලිපියේ පිටපත් උතුරු පළාත් ආණ්ඩුකාර, දිස්ත්‍රික් ලේකම්, නල්ලුර් ප්‍රාදේශිය සභාවේ ලේකම් හා හින්දු සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාටද යොමු කර ඇති බව පැවසේ.

ශ්‍රී ලංකාවේ විශාලතම කෝපි අවන්හල්  ජාලයකට හිමිකම් කියන බැරිස්ටා සමාගමේ දෙවැනි ශාඛාව යාපනයේ විවෘත කර ඇත්තේ  මැයි 9 වැනිදායි.

ඔවුන් එම අවන්හල එම ස්ථානයේ ආරම්භ කර ඇත්තේ යාපනය මහ නගර සභාවේ හෝ නිසි අවසරයක් නොමැති බවට ප්‍රදේශවාසී ජනතාව චෝදනා කරයි.

අවන්හල වහාම එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස යාපනය මහ නගර සභාවේ බලධාරීන් එම අවන්හලේ කළමණාකාරීන්ට මැයි 13 වැනිදා වාචිකව දැනුම් දී ඇති බව පවසන යාපනය නල්ලුර් ශිව ගුරු ආශ්‍රමයේ තවතිරු වේලන් ස්වාමි සදහන් කරන්නේ තමන්ද එදිනම එම ඉල්ලීම එම ආයතනයේ බලධාරීන්ට විද්‍යුත් තැපැල මගින් යොමු කළ බවයි.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ යාපනය නල්ලුර් කෝවිලට මීටර 400 ක් පමණ ඇතින් මෙම අවන්හල ස්ථාපිත කර ඇති අතර එම භුමිය කෝවිලේ ශුද්ධ භුමියට ඇතුලත් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved