නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් ජනාධිපතිවරයා යටතට ද පත්වනු ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය , කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජල සම්පත් යන අමාත්‍යාංශ ජනපති යටතට පත්වනු ඇත.
එමෙන්ම අද (24) අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය යටතට පත්වන අමාත්‍යාංශ,
අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පලාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය යටතට පත්වනු ඇත.
අමාත්‍ය විජිත හේරත් මහතා යටතට පත්වන අමාත්‍යාංශ,
බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය විදේශ කටයුතු අමාත්‍යාංශ්‍ය, පරිසර, වනජීවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, ග්‍රාමිය හා නාගරික සංවර්ධන, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශ විජිත හේරත් මහතා යටතට පත්වනු ඇත.