Connect with us

ඡායාරූප සටහන

විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් “ඇල්ල ඔඩිසි” විශේෂ චාරිකාවක  (ඡායා)

Published

on

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්තපත්‍ර බාර දුන් නවදිල්ලියේ සිට මෙරට රාජකාරියේ නිරත විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් 09 දෙනකු සඳහා හඳුනාගැනීමේ විශේෂ  “ඇල්ල ඔඩිසි” චාරිකාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයෝගයෙන් සංවිධානය කරනු ලැබීය.

මෙම ඇල්ල ඔඩිසි චාරිකාව ශ්‍රී ලංකාවේ නිදහස මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයන්ට  75 වසරක් සැපිරීම සනිටුහන් කරමින් සංවිධානය කෙරුණි.  එය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ  කල්පවත්නා සබඳතා තවදුරටත් පිළිඹිබු කරයි.

මනරම් කඳුකරය නැරඹීම සඳහා සංවිධානය කෙරුණ මෙම චාරිකාව 2023 ජූලි 01 සිට 03 දක්වා සිදු කෙරිණි.

මෙරට යටත් විජිත අතීතය සිහිපත් කරන විශේෂිත දුම්රියක් වන වයිස්රෝයි ස්පෙෂල් (Viceroy Special) දුම්රියෙන් දූත පිරිස මෙම චාරිකාවේ නිරත වූහ. රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ඇල්ල මාර්ගය ඔස්සේ ශීත කඳුකරයට මහනුවර සිට නුවරඑළිය දක්වා ගමන් ගන්නා අතරතුර,  ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, ආගන්තුක සත්කාරය විඳිමින් ශාන්ත ක්ලෙයාර් ඇල්ල, ජෛව විවිධත්වයෙන් යුත් නකල්ස් කඳුවැටිය සහ ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය පිහිටි පට්ටිපොල ද රට අභ්‍යන්තරයේ සශ්‍රීක හා මීදුම සහිත කඳුකර භූ දර්ශනවල සැඟවී ඇති වික්‍රමයන් ද අත් විදිමින් ගමන් කළහ. අතීත යුගයේ භාවිතා කළ දුම්රිය සංඥා ක්‍රියාවලියක්  සහ තවමත් මෙරට දුම්රිය මාර්ගවල ඉතා සූක්ෂම ලෙස පිළිපදින  සංඥා ටැබ්ලට් පද්ධතිය නැරඹීමටද ඔවුන්ට අවස්ථාව සැළසුණි.

තවද මෙම දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් ගන්නා විට දැකිය හැකි 20 වන සියවසේ විශ්මය ජනක ඉදිකිරීමක් වන ඇල්ල ආරුක්කු නවයේ පාලම සහ දෙමෝදර දුම්රිය ගැටය ද මෙම විදේශීය දූත පිරිසට නැරඹීමේ අවස්ථාව උදා විය.

යටත් විජිත ඉතිහාසයෙන් හා ශ්‍රේෂ්ඨත්වයෙන් පිරුණු ජාතික උරුමයක් වන නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයේදී විදේශිකයන් අතර ජනප්‍රිය ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය භුක්ති විඳීමට ද  පේද්‍රෝ තේ වතුයායෙදී  ලෝකප්‍රකට “ සිලෝන් ටී” තේ කෝප්පයක රස බැලීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය.නුවරඑළිය ජනාධිපති නිල නිවසේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හමුවීමට ද මෙම දූත මණ්ඩල ප්‍රධානීන්ට අවස්ථාව හිමි විය.

මෙම විශේෂ චාරිකාවට අනුග්‍රහය දක්වන ලද්දේ ඊට සහභාගි  වූ විදේශ දූත මණ්ඩල ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනි.

කඳුකරයේ විශේෂ චාරිකාව හරහා  ජාත්‍යන්තර ප්‍රජාව සමඟ 75 වසරක ඵලදායි සබඳතාවය සිහිපත් කරන අතර ශ්‍රී ලංකාවේ ඇති විවිධ ස්ථානීය වටිනාකම් සහ සංචාරක ආකර්ෂයන්  ප්‍රවර්ධනය කිරීමට ද එය ඉවහල් විය. එසේම රට නැවත ස්ථාවරත්වයට පත්ව ඇති බවටත් මෙරට විශිෂ්ඨ සබඳතා සහ ශ්‍රී ලාංකිකයන්ගේ විවෘත, මිත්‍රශීලීත්වය ලොවට අවධාරණය කිරීමටත් මෙමඟින් අවස්ථාව හිමි විය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” සඳහා රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට (ඡායා)

Published

on

By

වසර 16කට පසුව අද (18) ඇරඹුනු “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ රටවල් රැසක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් එක්විය.

වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙ.ව 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශයෙන් නැගී සිටිමින් පවතින බවත්, මෙතෙක් රට වෙළාගෙන තිබු සියලු බාධාවන් ඉවත් වී රට තුළ සහජිවනය ගොඩනැගී ඇති බවටත් වන පණිවිඩය මිත්‍ර රටවල් වෙත ලබාදීම සහ එකී ගමනට එම සියලුදෙනාගේ සහාය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි.

මහනුවරට ළඟා වූ පිරිස පළමුව මහවැලි රීච් හෝටලය වෙත පැමිණී අතර එහිදී ඔවුන් වෙනුවෙන් දේශීය චරිත්‍රානුකූලව විශේෂ සිංහල – දෙමළ අලුත් අවුරුදු සංග්‍රහයක් සූදානම් කර තිබිණි.

එහිදී මෙම කණ්ඩායම සමඟ තවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් එක්වූ අතර, 44 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වීම සඳහා දළදා මාළිගාවට පැමිණ තිබුණි.  මෙම කණ්ඩායමට දුම්රියෙන් යළිත් කොළඹට පැමිණීමටද කටයුතු යොදා තිබුණි.

අද දිනයේදී ප.ව 3.00 සිට ප.ව 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණු අතර, හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදා වේ. 

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

ඡායාරූප සටහන

“සිරි දළදා වන්දනාව” ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Published

on

By

මෙරට සාමාන්‍ය ජනතාවට අති උතුම් දළදා වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් වසර 16කට පසු  පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (18) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින් දළදා වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය සිදු කිරීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපතිවරයා විසින් දළදා සමිදුන් වැඳ පුදා ගැනීමත් සමඟම සැදැහැවත් ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව සලසා දෙමින් “සිරි දළදා වන්දනාව” ආරම්භ කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතය.

ආරම්භක දිනය වන අද (18) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන් දෙසින් අතිවිශාල ජනතාවක් දළදා මාළිගාව වෙත පැමිණ සිටියහ. අද දින ප.ව 5.00 දක්වා  ජනතාවට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙන අතර හෙට (19) සිට දිනපතා දහවල් 12.00 සිට ප.ව 5.00 දක්වා එම අවස්ථාව උදාවනු ඇත.

බුද්ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු මැති ඇමතිවරුද,  වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු, මහා කොමසාරිස්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ රාජ්‍ය නිලධාරින්, ආරක්ෂක අංශ සාමාජිකයන් හා දෙස් විදෙස් සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved