ඡායාරූප සටහන

ශ්‍රී ලංකාව, චීනයේ DSEL සමඟ අභ්‍යවකාශ ගවේෂණයට පිවිසෙයි

Published

on

චීනයේ ඉතා සාර්ථක Chang’e 6 චන්ද්‍ර මෙහෙයුම ඉක්බිතිව, චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමේ ප්‍රධාන නිර්මාණකරු හා ප්‍රධාන සැලසුම්කරු වන මහාචාර්ය වූ වේර් යින් (Wu Weiren)ගේ සහ ඔහුගේ දූත පිරිසගේ ශ්‍රී ලංකා සංචාරය මේ වන විට ආසියානු කලාපයේ මෙන්ම අභ්‍යවකාශ විෂයය ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන කාගේත් දැඩි අවධානයට යොමුවී තිබේ.

ශ්‍රී ලංකාවේ භූ පිහිටීමේ සුවිශේෂතා මත අභ්‍යවකාශ ගවේෂණයේ දී බොහෝ විෂයය ප්‍රවීණයන් ප්‍රමාණයක් එහි හැසිරීම හා ඉතිහාසගත කරුණු පිළිබඳව විශ්ලේෂණය කිරීමට පෙළඹී ඇති අතර මෙතෙක් ජාත්‍යන්තරය හා සහ සම්බන්ධ වෙමින් මෙම පරීක්ෂණ ඔස්සේ වඩාත් සක්‍රීය ලෙස ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට ඉඩ ප්‍රස්ථාවක් නොවීය. මෙම දිගු කාලීන අඩුව සපුරාලමින් ජූනි මස 07දා චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ රසායනාගාරය (DSEL) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලාංකේය සමාගමක් ස්ථාපිත කරනු ලැබීය.

‘Supreme Deep Space (Pvt) Ltd.’ නම් වූ මෙම සමගම දේශීය පුද්ගලික ව්‍යවසායකත්වය මත බිහි වන අතර මෙරට තුළ ඇති දැනුමින් පෝෂිත මානව සම්පත නිසි ලෙස හඳුනා ගනිමින් ලෝකයේ නවතම ප්‍රවණතාව වන ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණයන් හා ඒ ආශ්‍රිත සෙසු විද්‍යාත්මක හා තාක්ෂණික මෙහෙයුම් ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම සම්පත් සම්බන්ධ කිරීම එමගින් සිදු වනු ඇත.

මේ වන විට අභ්‍යවකාශ පරීක්ෂණ හා ජනපද නිර්මාණයට ඇති ඉඩකඩ වෙනුවෙන් පරීක්ෂණ කරන මෙම ප්‍රබල ජාතීන් දෙකම ගෝලීය වශයෙන් සිය මෙහෙයුම් සමගින් සම්බන්ධ වීමට ජාත්‍යන්තර සහයෝගිතාකරුවන් සොයමින් සිටින අතර, එහි පාර්ශවකරුවෙක් ලෙසින් චීනය සමඟ ශ්‍රී ලංකාවේ  සුප්‍රීම් ඩීප් ස්පේස් සමාගම චීනයේ ගැඹුරු අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ මධ්‍යස්ථානය (DSEL) සමගින් මෙසේ හවුල්කාරීත්වයකට එළෙඹීම මෙරට විද්‍යාත්මක හා තාක්‍ෂණික දියුණුව කෙරෙහි විශාල සුබවාදී බලපෑමක් ඇති කරන, උපායමාර්ගික පෙළගැස්මක් ලෙසින් හඳුන්වා දිය හැක.

මහාචාර්ය Wu Weiren ගේ සංචාරය මෙම සහයෝගීතාවයේ මූලෝපායික වැදගත්කම අවධාරනය කරයි. Supreme Deep Space ස්ථාපනය කිරීම අභ්‍යවකාශ විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ශ්‍රී ලාංකේය විශේෂඥතාව ඉහළ නැංවීමේ දූරදර්ශී ප්‍රවේශයට සාක්ෂියකි.

නවෝත්පාදන සහ ගවේෂණ සංස්කෘතියක් පෝෂණය කරමින් ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් දිරිගැන්වීමට මෙය මුල පිරීමකි.

මෙම ඓතිහාසික සම්මුතිය මෙරට තරුණ පරම්පරාවට නැවුම් වෘත්තීය අවස්ථාවන් විවෘත කරමින් නැවුම් රැකියා වෙළෙඳපොලක් නිර්මාණය කරමින් ලෝකයේ අති දියුණු තක්ෂණයන් අතර ප්‍රමුඛතම කේෂ්ත්‍රයක් වූ ගැඹුරු අභ්‍යවකාශ විශ්ලේෂණයට මෙරට දරු දැරියන් සහභාගි කර ගනිමින් මෙම විශ්ලේෂණයන් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර ශ්‍රී ලාංකේය විශේෂඥතාව උපයෝගී කර ගනිමින් ජාතියේ විද්‍යාත්මක හැකියාවන් ගෝලීය වේදිකාවක් මත ප්‍රදර්ශනය කිරීමට මෙම වැඩසටහන හරහා ඉඩකඩ සකසයි.

 

Trending

Exit mobile version