Connect with us

ඡායාරූප සටහන

සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි.

Published

on

ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ සිට එක් කර ඇත.

ඒ අනුව වසර 72 ක් පුරාවට පවත්වා ගෙන ආ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වාර්ෂික  ප්‍රදර්ශනය මුල්කරගත් සාංචි මහාබෝධි මහෝත්සවය මේ වසරේ සිට ඉන්දියාවේ ජාතික උත්සවයක් ලෙස සැලකේ.

එය පසුගියදා (නොවැ 30 දෙසැ.01) ඉන්දීය,ශ්‍රි ලංකා හා වෙනත් විදේශීය බෞද්ධ බැතිමතුන් අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.
ක්‍රි.පූ.05 සියවසේ අශෝකඅධිරාජයා සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගේ ධාතූන් තැන්පත් කර ඉදිකරන ලද සාංචි ස්ථූප සංකීර්ණයේ ඉදිකර ඇති සාංචි චේතියගිරි විහාරය කේන්ද්‍ර කර ගනිමින් මෙම දෙදින පැවති සංචි මහා බෝධි මහෝත්සවයට ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ  විශේෂ සුභාශිංෂණ රැගෙන ඉන්දියාවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය කිරන් රිජිජු (Kiran Rijiju) මැතිතුමා සමග ඉන්දීය ග්‍රාමීය සංවර්ධන හා පංචායත් සභා අමාත්‍ය ප්‍රහ්ලාද්  සිංග් පටෙල් (Sri Prahalad Singh Patel) මැතිතුමා සහභාගි වූහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රීමත් නරේන්ද්‍ර මෝදි මැතිතුමා සාංචි මහා බෝධි මහෝත්සවය වෙනුවෙන් අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් වෙත එවන ලද සුභාෂීන්ෂන පණිවිඩයේ “සාංචි මහාබෝධි මහෝත්සවය අපගේ ශිෂ්ටාචාර මූලයන් සහ විචිත්‍රවත් සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරන අතර,  බුදුන්ගේ ශ්‍රේෂ්ඨ ශ්‍රාවකයින් දෙදෙනෙකු වන සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ මහාමොගල්ලාන මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනාමාන කිරීමට සමස්ත ලෝක බෞද්ධ බැතිමත් වන්දනාකරුවන්ට ඉඩ සැලසීම වෙනුවෙන්  වාර්ෂිකව පවත්වන,
සාංචි මහාබෝධි මහෝත්සවය සංවිධානය කරමින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කර ප්‍රචලිත කිරීමට මහාබෝධි සංගමය දරන උත්සාහය අපගේ සංස්කෘතිය හා සාරධර්ම තරුණයන් අතරට ගෙන යාමට වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව දක්වයි.එසේම
භාග්‍යවත් බුදුන් වහන්සේගේ සදාකාලික ඉගැන්වීම් බොහෝ ජාතීන් සහ සමාජයන් වෙනත් අය සමඟ සම්බන්ධ කරයි.  විවිධ ජාතීන්ට අයත් මිනිසුන් එක්රැස් කරන සාංචි උත්සවය ඊට ප්‍රබල උදාහරණයකි.

සාංචි මහාබෝධි මහෝත්සවය සාර්ථකවීමට මහාබෝධි සංගමයට මාගේ සුභාශිංසන පිරිනමමි.  මෙවැනි සිදුවීම් අපගේ සංස්කෘතික උරුමයන් ශක්තිමත් කිරීමට සහ අනාගත පරම්පරාවන්ට දිරිගැන්වීමක් වනු ඇතැයි මට විශ්වාසයි අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි මහතා එම පණිවිඩයෙන් වැඩිදුරටත් දක්වා ඇත.

තායිලන්තයේ ආචාර්ය සුපචායි වීරාපුචොංන්ග් Dr.Supachai Verapuchong) මහතා ප්‍රමුඛ බෞද්ධයන් ද  වියට්නාමයේ බෝධි චිත්තා තෙරණිය ඇතුළු වියට්නාම් බැතිමතුන් ද ජපාන බෞද්ධයින්  භික්ෂු භික්ෂුනියන් ද ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

ශත වර්ෂ ගණනාවක් වනයට යට වී නටඹුන් වී තිබී, 1918 දී  සොයා ගැනීමෙන් පසු,1851 ඇලෙක්සැන්ඩර් කණින්හැම්  සහ ජෙනරල් මෙයිසි විසින්   සාංචි පුදබිමේ ප්‍රථම වරට  කැණීම් කරන ලදී ඉන්පසු 1912 දී ශ්‍රීමත් ජෙනරල් ජෝන් මාෂල් මෙම නටබුන් ප්‍රතිසංස්කරණය කර සාංචි පුදබිම අද පවත්නා ගෞරවනීය තත්ත්වයට පත් කළේය.

එම  කැණීම්  ලින් පසු  එංගලන්තයට රැගෙන ගොස් තිබූ මෙම සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා  ඉන්දියාවට වැඩම කිරිමෙන් පසු සාංචි චේතියගිරි විහාරය ඉදිකර එහි තැන්පත් කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කළේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියෝ බව සාංචි චේතියගිරි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස,සාංචි චේතියගිරි විහාරයේ සම්මානිත විහාරාධිපතිනි, මහනුවර වත්තේගම මලියදේව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වියට්නාමයේ බෝධිචිත්තා තෙරණින් වහන්සේ,ඉන්දීය මධ්‍යම රජයේ පංචායත් සභා සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ප්‍රහලාද්  සිංග් පටෙල් (Sri Prahalad Singh Patel) , තායිලන්තයේ ප්‍රමුඛතම බෞද්ධ නායකයෙකු වන ආචාර්ය  සුපාචල් වීරාපුචොංග් (Dr.Supachal Verapunchong), මධ්‍ය ප්‍රදේශ් විදාන් සභා (ප්‍රාන්ත  ව්‍යවස්ථාදායක සභාව) මන්ත්‍රී ආචාර්ය  ප්‍රභූරාම් චවුද්‍රි (Dr.Prabhuram Chaudhary) රයිසන් දිසාපති අරවින්ද කුමාර් ඩුබේ (Aravind Kumar Dubey – Collector & District Magistrate – Raisan District) යන අය සහභාගී වූහ.

සාංචි මහාබෝධි මහෝත්සයට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයට ජපානයේ සුප්‍රකට ගායිකා මයි යු(My U),ශ්‍රී ලංකාවේ තුෂාර හෙට්ටිආරච්චි,ඉන්දියාවේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි බෞද්ධ කලාකරුවන් ඇතුළු සංස්කෘතික කණ්ඩායම් ද එක් වූහ.

එසේම ඉන්දියාවේ ඔරිස්සා,ආන්ද්‍රා, තෙලංගානා, ලඩාක්, උත්තර් සහ උත්තරාකාන්ඩ්, ඇසෑම්,කේරළ, හිමාචාල්, තමිල්නාඩු, මහාරාෂ්ට ඇතුළු ප්‍රාන්ත රැසක බෞද්ධ බැතිමතුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෙම දෙදින මෙවර මහාබෝධි මහෝත්සවයට සහභාගී වූ බව චේතිගිරි විහාරවාසී උඩුගම තපස්සී හිමියෝ පැවසූහ.

චේතියගිරි විහාරයේ භූ ගර්භයේ සුගන්ධ කුටියේ තැන්පත් කර තබූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා නොවැම්බර් (30)තිස්වෙනි දින එම කුටියෙන් ඉහළ මාලයට වැඩමවා, විහාර මන්දිරයේ තැන්පත් කිරීමෙන් පසු ජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබූයේ මීට වසර හැත්ත දෙකකට පෙර ඉන්දියාවේ අග්‍රාමාත්‍ය දිවංගත ශ්‍රීමත් ජවහල්ලාල නේරු තුමන්ගේ ඉල්ලීම පෙරදැරිව බව  බානගල උපතිස්ස නාහිමියෝ පැවසූහ.දෙසැම්බර් පළමුවෙනි (01) දින පස්වරුවේ  ධාතූන් වහන්සේලා නැවත බෝ ගර්භ සුගන්ධ කුටියේ තැන්පත් කෙරින.

මෙම උත්සවයට පැමිණෙන ඉන්දීය භික්‍ෂූන් වහන්සේලාට විශේෂ දානමය පින්කම් මහා බෝධි වන්දනා නිකේතන් පරිශ්‍රයේ පැවැති අතර,පැමිණි බැතිමතුන් සඳහා දන්සැල් විශාල ප්‍රමාණයක් සංවිධානය කර තිබුණි.පැමිණෙන මහජනයාට අවශ්‍ය සනීපාරක්ෂක හා  වෛද්‍ය වෛද්‍ය පහසුකම් මධ්‍ය ප්‍රදේශ් රජය සම්පාදනය කර තිබුණි

ඡායාරූප සටහන

ඝාතනය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන්ව මඩකලපුවේදී සමරයි

Published

on

By

ඝාතනයට ලක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.නඩේසන් මහතාගේ 21 වැනි සැමරුම අද (31) මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පැවැත්විය.

නැගෙනහිර මාධ්‍ය ෆෝරමය, බැටී ප්‍රෙස් ක්ලබ් සහ උතුරු සහ දකුණු මාධ්‍ය සංවිධාන එක්ව මෙය සංවිධානය කර තිබිණි.

පසුගිය පාලන සමයන්හිදී ඝාතනයට ලක්වූ සියලුම මාධ්‍යවේදීන් වෙත යුක්තිය ඉටු කරන ලෙසත් මාධ්‍ය නිදහසට අත නොතබන ලෙසත් එහිදී අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Continue Reading

ඡායාරූප සටහන

“Build Sri Lanka  ජාත්‍යන්තර ප්‍රදර්ශනය නැරඹීමට ජනපති එක් වෙයි

Published

on

By

ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් 20 වෙනි වරටත් සංවිධානය කරන ලද “Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය” නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) පෙරවරුවේ එක් විය.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ප්‍රධානතම නිවාස හා ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන Build Sri Lanka නිවාස හා ඉදිකිරීම් ප්‍රදර්ශනය ඊයේ (30) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර එය හෙටින් (01) අවසන් වේ.

ප්‍රදර්ශන කුටි 280කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධානම පාර්ශ්වකරුවන් ඒකරාශි වන වේදිකාවක් වන හෙයින්, මෙමගින් තම සබඳතා ගොඩනගා ගැනීමටත්, ව්‍යාපාර අවස්ථා ලබා ගැනීමටත්, නව නිර්මාණ හා නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් ප්‍රදර්ශකයන්ට අවස්ථාව උදා කරයි.

මෙවර ප්‍රදර්ශනය නැරඹීම සඳහා 30,000කට වැඩි නරඹන්නන් පිරිසක් එක් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර විදේශීය රටවල් කිහිපයක ප්‍රදර්ශන කුටි හා භාණ්ඩ හා සේවාවන් ලබා ගැනීමේ අවස්ථාවද පාරිභෝගිකයන්ට උදා කර දී තිබේ. එමෙන්ම විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත් පරිසර හිතකාමී ගොඩනැගිලි ද්‍රව්‍ය නිෂ්පාදන රාශියක් මෙවර ප්‍රදර්ශනයේදී දැක බලා ගත හැකිය. 

ප්‍රදර්ශන කුටි වෙත යමින්  ප්‍රදර්ශනකරුවන්ගේ තොරතුරු විමසීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි ජනතාව සමගද සුහද කථා බහක නිරත විය. 

ප්‍රදර්ශනයට එක්ව සිටින අනුග්‍රාහක ආයතන වෙත සමරු තිළිණ පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ  ලේකම් රංජිත් ආරියරත්න,  ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරී, විශ්‍රාමික කර්නල්, ඉංජිනේරු නිශ්ශංක එන්. විජේරත්න යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ ආරම්භක සභාපති දේශමාන්‍ය ආචාර්ය සුරත් වික්‍රමසිංහ මහතා ඇතුළු හිටපු සභාපතිවරුන්ද, Colonial Engineering පෞද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ එන්. සතීෂ්රාජා මහතා ඇතුළු අනුග්‍රාහක භවතුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභින් වෙත භාර දේ

Published

on

By

2025 මැයි 26 වන දින ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ නියෝජ්‍ය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ටී. බී. සරත් මහතා විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ ජිම් බ්‍රවුන් නගර් ආදර්ශ ගම්මානය ප්‍රතිලාභී පවුල් 24 වෙත භාර දෙන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රී මයිල්වාගනම් ජෙගදීශ්වරන් මහතා, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා, මන්නාරම් දිස්ත්‍රික් ලේකම්තුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ, උතුරු පළාත් සභාවේ සහ මන්නාරම දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉන්දියානු රජයේ ප්‍රදාන සහයෝගය සහිත ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය සමඟින් දිවයිනේ දිස්ත්‍රික් 25 තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා රජය 2017 ඔක්තෝබර් මාසයේ දී අත්සන් තබන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්
නිවාස කමිටු විසින් තෝරා ගනු ලබන පවුල් 24ක් සඳහා වන ආදර්ශ ගම්මානය බැගින් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස ඉදි කෙරෙනු ඇත.

මේ වන විට මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොනරාගල සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක  13 තුළ ඉදි කර ප්‍රතිලාභීන් වෙත භාර දී තිබේ. ව්‍යාපෘතියේ ප්‍රගතිය 97%ක් ඉක්මවා තිබෙන අතර ඉතිරි ආදර්ශ ගම්මාන ද නුදුරේදී ම ප්‍රතිලාභින් වෙත භාර දීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved