ඡායාරූප සටහන

සාම්ප්‍රදායික ජපන් සංගීත හා සංස්කෘතික ප්‍රසංගයක් කොළඹදී (ඡායා)

Published

on

හිගෂි හොන්ගන්-ජි මහා විහාරයේ 25 වන නායක හිමිපාණන් වන, පූජ්‍ය ඕතනි චෝජුන් නායක ස්වාමීන්වහන්සේගේ මෙරට සංචාරයට ගෞරවයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලදුව, මාර්තු 28 වන දින හොන්ගන්-ජි විහාරයේ සහ පදනමේ  ජපන් වාද්‍ය වෘන්දය විසින් ජපන් සාම්ප්‍රදායික සංගීත ප්‍රසංගයක් පවත්වන ලදී.  

සාම්ප්‍රදායික ජපන් තේ උත්සවයකින් සහ කොතෝ හා සමිෂෙන් වැනි සාම්ප්‍රදායික ජපන් සංගීත භාණ්ඩ යොදාගනිමින්, හොන්ගන්-ජි විහාරයේ ජපන් වාද්‍ය වෘන්දය විසින් ඉදිරිපත්කරන ලද සංගීත ප්‍රසංගයකින් ‌මෙම අවස්ථාව විචිත්‍රවත් විය. 

ජාතික තරුණ සේවා සභාවේ සහ ලංකා නිපොන් බිස්ටෙක් ආයතනයේ සිසුන්ගේ වයලීන වාදන සහ විචිත්‍රවත් නර්තන අංගයන්ගෙන් සන්ධ්‍යාව තවදුරටත් වර්ණවත් විය.  

මෙම සංස්කෘතික සැමරුම ජපානය සහ ශ්‍රී ලංකාව අතර ගැඹුරු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ජපන් සම්ප්‍රදාය සහ උරුමය පිළිබඳ අද්විතීය අත්දැකීමක් ලබාදෙන ලදී.

Trending

Exit mobile version