ඡායාරූප සටහන

සීතාරාමන් – ජනපති අතර සාකච්ඡා

Published

on

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස මීට සුළු මොහොතකට පෙර කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.

මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඉන්දියානු රජය විසින් ප්‍රදානය කරනු ලබන ඩොලර් මිලියන 15 ක ආධාර යටතේ, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනුණි.

Trending

Exit mobile version