ඡායාරූප සටහන

 10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසි වාරය – (ඡායා / වීඩියෝ)

Published

on

10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබේ.

අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය.

කතානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව කතානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, මන්ත්‍රීවරුන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබාදීම, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත් කරගැනීම සිදුකරනු ලබයි.

පළමු දිනයේ දී මන්ත්‍රීවරුන් සදහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට හිමි වේ.

මෙම මුලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීම සිදුවන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සභාවේ මුලසුනේ සිට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත 10 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම චාම් උත්සවයක් ලෙස පැවැත්වීමට නියමිත අතර ජයමංගල ගාථා, ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩි මුර සහ රථ පෙළපාලී මෙවර නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කලේය.

ඒ අනුව, පෙරවරු 11.00 පමණ වන විට සියලු ආරාධිතයින් අසුන් ගැනීමට නියමිත අතර පෙරවරු 11.10ට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසල දී කතානායකවරයා පිළිගැනිමට නියමිතව තිබේ.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය පිළිගැනීම සිදුවන අතර ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවන්නේ ඉන් පසුව ය.

පෙරවරු 11.20ට කතානායකවරයා හා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙල අසල දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version