ශ්‍රී ලංකාවට 2023 ජනවාරි මාසයේ සිට අද (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දස ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පස්වරුවේ පැමිණියහ.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් උත්සවයක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන් පිරිසක්ද එක්විය.
ශ්‍රී ලංකාවට පැමිණි මිලියනයේ සංචාරකයා වූයේ රුසියානු ජාතික ඇලෙක්ස් මස්කොව් (Alex Mazkov) වන අතර, ඔහු මෙරටට පැමිණ තිබුණේ සිය බිරිඳ හා කුඩා දරු දෙදෙනා ද සමගයි.
වසරකදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ගණන, අවසන් වරට මිලියනය ඉක්මවා ගොස් තිබුණේ 2019දීය.
(ඡායා : බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නිල ෆේස්බුක් පිටුවෙනි)