ඡායාරූප සටහන

75 වැනි ඉන්දීය ජනරජ දිනය කොළඹදී සමරයි (ඡායා)

Published

on

75 වැනි ඉන්දීය ජනරජ දිනය අද (26) මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් ‘ඉන්ඩියා හවුස්’ හිදී සමරනු ලැබීය.

ඉන්දීය සාම සාධක හමුදාවේ මියගිය සෙබළුන්ට උපහාර දැක්වීමෙන් අනතුරුව මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් – සන්තෝෂ් ජා මහතා විසින් ඉන්දීය ධජය ඔසවනු ලැබීය.

මෙම අවස්ථාවට මෙරට සිටින ඉන්දීය ජාතිකයන් රැසක් එක්විය.

නාවික හමුදා වාද්‍ය වෘන්දය විසින් වැයූ දේශාභිමාන ගී තනු හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කළ සංස්කෘතික අංග වලින් උත්සවය තවත් වර්ණවත් විය.

කොළඹ පැවති සැමරුම් වල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

මේ අතර, ‘වික්සිත් භාරත්’ යන තේමාව යටතේ භාරතයේ 75 වැනි ජනරජ දින සැමරුම නවදිල්ලි අගනුවරදී අද පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රෝන් මහතා සහභාගී විය.

නවදිල්ලි නුවර රාජ්පාත්හි පැවැත්වෙන මෙවර ජනරජ දින පෙළපාලිය, හමුදා උත්තමාචාර, සංස්කෘතිකාංග ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විත විය.

1947දී ඉන්දියාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූවද, ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර එය ක්‍රියාත්මක කරනු ලැබුවේ 1950 වසරේ ජනවාරි 26දා සිටය.

එදින සිට ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීම සමරමින් ඉන්දියාව වාර්ෂිකව සිය ජනරජ දිනය සමරනු ලබයි.

(ඡායාරූප : කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ X ගිණුමෙනි)

Trending

Exit mobile version