Connect with us

ක්‍රීඩා

අනුෂ්කාට දඩයක්

Published

on

ICC කාන්තා පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වුණු තරගයේ දී ICC චර්යාධර්ම පද්ධතියේ පළමු මට්ටමේ විනය කඩ කිරීමක් සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනී හට ඇයගේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබේ.

පසුගිය ඉරිදා (12) ලෝක කුසලාන තරගාවලියේ 1 කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ දී සංජීවනී විසින් ICC විසින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන්ට පනවා ඇති චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය (පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව ඔවුන් වෙත ඕනෑම භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිත කිරීමෙන් බාධා කිරීම මගින් දැවී ගිය පිතිකරුවාගෙන් ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවක් ඇති විය හැක) උල්ලංඝනය කර ඇති බව සොයා ගෙන ඇත.

එමෙන්ම මේ නිසා දඩයට අමතරව සංජීවනීගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් ද (Demerit Point) එක් කර ඇති අතර, එය මාස 24ක වලංගු කාල සීමාවක් තුල ඇයගේ නම ඉදිරියෙන් සටහන් වී ඇති එකම දඬුවම් ලකුණ ද වේ.

තරගයේ බංග්ලාදේශ ඉනිමේ 10 වැනි පන්දු වාරයේ දී මෙම සිදුවීම සිදු වී ඇති අතර, එහි දී පිතිකරණයේ යෙදෙමින් සිටි Sobhana Mostary චමරි අතපත්තු යැවූ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ සංජීවනී විසින් එම කඩුල්ල සැමරීම සඳහා දැවී ගිය පිතිකාරිණිය වෙත ආක්‍රමණශීලී ලෙස දිව ගොස් තිබේ.

මෙම සිදුවීම පිළිබඳ පිටියේ විනිසුරුවරියන් වූ Anna Harris, Sue Redfern , තෙවැනි විනිසුරුවරිය වූ Jacqueline Williams සහ තරගයේ සිව්වැනි විනිසුරුවරිය වූ Kim Cotton විසින් තරග තීරකවරිය වෙත පැමිණිලි කර තිබුණි.

කෙසේ වෙතත් ICC Emirates ජාත්‍යන්තර තරග තීරක මඩුල්ල නියෝජනය කරන GS Lakshmi මහත්මිය හමුවේ සංජීවනී විසින් සිය වරද පිළිගනිමින් තමන්ට හිමි වූ දඬුවමට එකඟ වූ බැවින් ඒ පිළිබඳ විධිමත් විභාගයක් සිදු කිරීමට අවශ්‍ය වී නොතිබුණ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved