Connect with us

ක්‍රීඩා

අබුඩාබි ක්‍රිකට් තරගාවලිය 13 දා ශ්‍රී ලංකා අයර්ලන්ත තරගයෙන් ඇරඹෙයි

Published

on

එක්සත් අරාබි එමීරයේ අබුඩාබිහි පැවැත්වෙන ශ්‍රී ලංකා, ඇෆ්ගනිස්තාන්, අයර්ලන්ත “ඒ” කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලිය අප්‍රියෙල් 13 දා අබුඩාබි ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

මෙම ප්‍රථම තරගයේදී ශ්‍රී ලංකා “ඒ” හා අයර්ලන්ත “ඒ” කණ්ඩායම් තරග වැදීමට නියමිතය.

මෙහි සියලු තරග ඕවර 50 දිවා තරග වන අතර අවසන් තරගය අප්‍රියෙල් 25 පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම සදීර සමරවික්‍රම විසින් මෙහෙයවනු ලබයි.

ලහිරු උදාර, කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, දුෂාන් හේමන්ත, තරිඳු රත්නායක, වනුජ සහන්, මිලාන් රත්නායක,චමිදු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මධුෂංක, මොහොමඩ් ෂිරාස්, සෙසු ක්‍රීඩකයෝ වෙති.

මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධනත් කළමනාකරු ලෙස තරංග පරණවිතානත් කටයුතු කරනු ඇත.

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved