Connect with us

ක්‍රීඩා

අවසන් වු ඔලිම්පික් උලෙළේ පළමු ස්ථානය අමෙරිකාව ට

Published

on

දින 16ක් පුරා පැරිස් නුවර පැවති 33වැනි ඔලිම්පික් උලෙළ අද (12) අලුයම අවසන් විය.

රටවල් 206ක් නියෝජනය කරමින් තරගකරුවන් 10,714ක් උරෙන් උර ගැටුණු මෙවර ඔලිම්පික් උලෙළේ අවසන් මෙහොතේ පදක්කම් සටහනේ පෙරමුණ ගන්නට අමෙරිකාව සමත් ව තිබුණි.

ඒ වනතෙක් පදක්කම් සටහනේ පෙරමුණ ගෙනසිටි චීනය දෙවැනි ස්ථානයට පත්විය.

අමෙරිකාව රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 44ක් සහ ලෝකඩ පදක්කම් 42ක් ඇතුළුව සමස්ත පදක්කම් 126ක් දිනා ගත්තේය.

දෙවන ස්ථානය දිනාගත් චීනය රන් පදක්කම් 40ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 24ක් ඇතුළුව සමස්ත පදක්කම් 91ක් දිනා ගන්නා ලදී.

තුන්වැනි ස්ථානය ජපානය සතු විය.

විචිත්‍රවත් වු සමාප්ති උලෙළට සියලු රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්ටාඩ් ඩී ෆ්‍රරාන්ස් ක්‍රීඩාගාරයට පැමිණ සිටි අතර එහිදී ශ්‍රී ලංකා ධජය ගෙන යාමේ වගකීම තරුෂි කරුණාරත්නට සහ අරුණ දර්ශන ට පැවරී තිබුණි.

වැයුම් ගැයුම්වලින් අලංකාර වු පැරිස් ඔලිම්පික් උලෙළේ සමාප්තිය සියැසින් දැක බලා ගැනීම සඳහා ප්‍රේක්ෂකයින් 70,000කට ඉඩකඩ වෙන් කර තිබීමත් කැපී පෙනෙන කරුණකි.

අනතුරුව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් 2024 පැරිස් ඔලිම්පික් උලෙළ අවසන් වු බව ප්‍රකාශ කලේය.

34වැනි ඔලිම්පික් උලෙළේ සත්කාරකත්වය අමෙරිකාවට හිමිවන බව ජගත් ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බාච් නිල වශයෙන් එය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය අමෙරිකාවට භාර දෙන ලදී.

ක්‍රීඩා

මන්මිතාට අමෙරිකා ජාතික කරාතේ තරගවලියේදී රිදී පදක්කමක්!

Published

on

By

2025 අමෙරිකා එක්සත් ජනපද ජාතික කරාතේ තරගවලියේ දි වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයෙ Kata අංශයේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දි කරාතේ ක්‍රීඩාවට පිවිසුනු මන්මිතා සේනාධි ජිනසේන සමත් වූවාය.

මේ තරගාවලිය පසුගිය 10 වැනිදා අමෙරිකාවේ ටෙක්සාස් හි Fortworth Convention center හිදී පැවැත්විණි.

මන්මිතා Maryland ප්‍රාන්තයේ karate Do කරාතේ පාසල නියෝජනය කරමින් රිදී පදක්කම දිනාගත්තාය.

මීට පෙර ඇය පසුගිය වසරේ (2024) අමෙරිකා ජාතික කරාතේ තරගවලියේ වයස 14 කාතා අංගයේ රිදී පදක්කම දිනා ගැනීමට ද සමත්වූවාය.

එසේම, මේ වසරේ මැයි මාසයේ Virginia ප්‍රාර්න්තයේ පැවැත්වූ Mid Atlantic Karate Championship හිදී kata අංශයෙන් රන් පදක්කමක් සහ kumite අංශයෙන් රිදී ප්දක්කමක් ද දිනා ගැනීමට සමත්වූවාය.

ඇය කරාතේ ක්‍රීඩාවට පිවිස ඇත්තේ වයස අවුරුදු 7දී වන අතර මේ වන විට ඇය ඇමෙරිකා එක්සත් ජනපයදේ උසස් අධ්‍යාපනය ලබමින් සිටී.

Continue Reading

ක්‍රීඩා

LPL මේ වසරේ පවත්වන්නේ නැහැ ; සුබාස්කරන්ගේ ජැෆ්නා කින්ග්ස්ටත් තහනමක්

Published

on

By

වසර 5 ක් මුළුල්ලේ නොකඩවා පවත්වාගෙන ආ ලංකා ප්‍රිමියර් ලීගය ( LPL ) මේ වසරේ නොපැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.

සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේ මෙම තරගාවලිය පැවැත්වුණත් මෙවර එය නියමිත පරිදි නොපැවැත්වීමට කරුණු කිහිපයක්ම බලපා ඇත.

අගෝස්තු මස හදිසියේ යෙදෙන ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරයද ඉන් එක් හේතුවක් වන අතර ලංකා ප්‍රිමියර් ලීගයේ අනුග්‍රාහක හා ප්‍රධාන සංවිධායක වන අනිල් මොහාන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් අතර මේ වන විට හටගෙන තිබෙන ගැටළුව එහි ප්‍රධාන හේතුවක් වී ඇතැයි පැවසේ.

අනිල් මොහාන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ගෙවීමට ඇති රුපියල් බිලියන ගණනක් නොගෙවා මග හැර සිටීම නිසා ඔහුට විරුද්ධව නීතිමය කටයුතු සිදු කිරීමට ක්‍රිකට් බලධාරීන් බලා සිටින අතර අනිල් මොහාන්ද පෙරළා ක්‍රිකට් ආයතනයට නඩු දැමීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ගනිමින් සිටින බවත් වාර්තා වේ.

මේ අනුව අනිල් මොහාන් හා ක්‍රිකට් බලධාරීන් අතර ඉදිරියේ නීතිමය ගැටුමක් ඇතිවීමට බොහෝසෙයින් ඉඩ ඇති බව ක්‍රිකට් විධායක සභාවේ නිලධාරියෙක් ශ්‍රී ලංකා මිරර් වෙත පැවසීය.

දැනටමත් ජැෆ්න කින්ග්ස් ඇතුළු කණ්ඩායම් දෙකක් තහනම් කොට තිබෙන අතර ගාලු මාවල් පිලේ අයිතිකරුවකු තරග පාවා දීමේ චෝදනාවකට සිර ගත කොට තිබේ. 

ජැෆ්න කින්ග්ස් පිලේ හිමිකරු වන්නේ සුබාස්කරන් අලිරාජා වන අතර එහි කළමනාකාරිනිය ලෙස කටයුතු කළේ ජානකී විජේරත්නයි.

ඇතැම් කණ්ඩායම් හෝටල් ගාස්තු,ක්‍රීඩක ගාස්තු නොගෙවා මග හැර සිටින බවද වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාව‍ට පළමුවරට රන් පදක්කමක්

Published

on

By

බ්‍රිතාන්‍යයේ වේල්ස්හිදී පැවැත්වෙන 2025 පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිතාරක්ෂක ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ හිරුණ ද සිල්වා සහ මීදුම් මෙන්ඩිස් සමත් විය. (12.5m Line Throw Event)

මෙම රන් පදක්කම ඉතිහාසයට එක්වන්නේ, පොදු රාජ්‍ය මණ්ඩලීය ජීවිත ආරක්ෂක ශූරතාවලියක ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ලෙසයි.   

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved