Connect with us

ක්‍රීඩා

ආසියානු කුසලානයේ සම සත්කාරකත්වය ලංකාවට

Published

on

ආසියානු කුසලාන 2023 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා – පාකිස්ථාන සම සත්කාරකත්වයෙන් පැවැත්වෙන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

තරගාවලිය අගෝස්තු මස 31දා – සැප්තැම්බර් මස 17දා දක්වා පැවැත්වෙන බවද එම කවුන්සිලය අද (15) නිවේදනය කළේය.

සාකච්ඡා වට ගණනාවකින් පසුව එය මෙලෙස දෙමුහුම් ආකෘතියක් යටතේ පාකිස්ථානයේ හා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඒ අනුව, තරග 13කින් සමන්විත තරගාවලියේ තරග 04ක් පාකිස්ථානයේ දීත් තරග 09ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට නියමිතය.

වසර 15කට පසු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව මෙවර පාකිස්ථානයට හිමිවී තිබුණ ද, ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය කණ්ඩායම එරටට යොමු කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග තරගාවලිය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුවී තිබුණි.

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading

ක්‍රීඩා

හෙට යළිත් ඇරඹෙන  IPL

Published

on

By

ඉන්දු – පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි හෙට (17) සිට ආරම්භවීමට නියමිතව ඇත.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර කොල්කටා නයිට් රයිඩර් කණඩායම පසුවන්නේ එහි හයවන ස්ථානයේය.

Continue Reading

ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් කැඳවීමක්

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්ලේ-ඕෆ් වටයේ තරග ක්‍රීඩාකිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් කැඳවා ඇත.

එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජොස් බට්ලර් වෙනුවට මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති යුද අවදානම හේතුවෙන් හදිසි තීරණයක් ගනිමින් මෙම තරගාවලිය පසුගිය 9වනදා සිට සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI)කටයුතු කළේය.

ඒ අනුව තරගාවලිය එළැඹෙන 17වනදා සිට යළි ක්‍රියාත්මක වේ.

IPL තරගාවලිය නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වූ හෙයින් ජොස් බට්ලර්ට බ.ඉ. කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගාවලිය ක්‍රීඩාකිරීමට සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට සිදුවේ.

ඒ හේතුවෙන් ටයිටන්ස් පාලනාධිකාරිය විසින් මෙලෙස මෙන්ඩිස්ට මෙම කැඳවීම සිදුකර ඇත.

එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ එංගලන්ත – බ.ඉ. කොදෙව් සීමිත පන්දුවාර තරගාවලිය මැයි 29වනදා ආරම්භවීමට නියමිතව ඇත.

IPL තරගාවලියේ අවසන් වටයේ තරග  ජූනි 3වනදා දක්වා පැවැත්වේ.

කෙසේ නමුත් බට්ලර් යළි එංගලන්තය බලා පිටත්ව යාමට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩාකරන මූලික වටයේ ඉතිරි තරග තුන ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.

මේ අතර ඉන්දු – පාකිස්තාන අර්බුධය හේතුවෙන් පාකිස්තානු සුපර් ලීග් (PSL) තරගාවලියද කල්දැමීමට සිදු වූ අතර, ඒ වනවිට මෙන්ඩිස් ක්වෙටා ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩාකරමින් සිටියේය.

කෙසේ නමුත් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ලැබුණු කැඳවීමත් සමග ඔහු  PSL අවසන් අදියර ක්‍රීඩාකිරීම සඳහා පාකිස්තානයට යළි නොයනු ඇති බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved