Connect with us

ක්‍රීඩා

ඇමතිගේ අනුමැතිය නැතිව නෙට්බෝල් පිලේ පුහුණුවීම් ඇනහිටියි

Published

on

කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම තොරාඇතත් තවමත් එයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය දී නොමැත.

මේ හේතුවෙන් එහි පුහුණු කටයුතු ඇනහිට ඇතැයි වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය මෙතෙක් පමා වී ඇත්තේ නොතේරුණ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගේ දෙමව්පියන් පිරිසක් දිගින් දිගටම මෙම තෝරා ගැනීම් වැරදි බවට ක්‍රීඩා ඇමතිවරයාට පෙත්සම් ඉදිරිපත් කිරීම නිසාය.

මේ පෙත්සම් කරුවන්ගෙන් වැඩි දෙනෙකු තරගාවලිය සඳහා තෝරාගෙන ඇති පුහුණුකාරිනිය පුහුණු කරන කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ක්‍රීඩ්කාවන්ගේ දෙමව්පියන් වීම විශේෂත්වයකි.

අන්තර් පාසල් නෙට්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ තමන් පුහුණුකළ පාසල බැවින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමටද තම පාසලේ ක්‍රීඩිකාවන් වැඩි පිරිසක් ඇතුළත් විය යුතු බව කියමින් මෙම පුහුණුකාරිනිය තේරීම් කමිටුව සමග ඝට්ටනයකට යාමත් ඇය විසින් අදාල නොතේරුණු  ක්‍රීඩිකාවන්ගේ දෙමව්පියන්ද උසි ගැන්වීමත් මේ සඳහා මාධ්‍යකරුවන් කිහිප දෙනකු යොදා ගැනීමත් මේ අවුලට හේතු වී ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මෙම මාධ්‍යකරුවන් පිරිස පසුගියදා පෙත්සම්කාර දෙමව්පියන් හතර පස් දෙනකු ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටට ගෙන්වා උද්ඝෝෂණයක් පරිදි මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළත් එයට කිසිදු ප්‍රධාන මාධ්‍යයකින් ප්‍රසිද්ධියක් ලබා නොදුන් අතර නැවත වරක් තේරීම් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා නියෝග කළහොත් නෙට්බෝල් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තාවේ.

එසේ වුවහොත් නැවත අලුත් තේරීම් කමිටුවක් පත් කර අලුතින් තෝරා ගැනීම් කරද්දී තරගාවලිය අවසන් වී තිබෙනු ඇතැයි නෙට්බෝල් ප්‍රවීණයෝ පවසති.

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved