ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ ඕස්ට්‍රේලියානු පොලිසිය අසාධාරණ ලෙස ක්‍රියා කර ඇති බව එරට අධිකරණයකදී දන්වා තිබේ.
පැමිණිලි පාර්ශවය විසින් පැවරූ එම නඩුව සම්බන්ධයෙන් සැලකිය යුතු ගැටලු ඇති බවට, වියදම්වලට අදාළ නඩු කටයුත්ත අද (24) අසන අවස්ථාවේ විනිසුරු සාරා හගට් මහත්මිය පවසා ඇත.
එහිදී විනිසුරුවරිය නියෝග කර ඇත්තේ ගුණතිලකගේ නඩු ගාස්තු ඔහුට ලබා ගත හැකි පරිදි සහතිකයක් නිකුත් කරන ලෙසයි.
T-20 ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී සිඩ්නි පොලීසිය විසින් ඔහුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණි.
ටින්ඩර් ඇප් මෘදුකාංය හරහා හඳුනාගත් ඔස්ට්‍රේලියානු තරුණියක සමඟ ඇයගේ කැමැත්තෙන් තොරව, අනාරක්ෂිතව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එහිදී චෝදනා එල්ල විය.
වසරකට ආසන්න කාලයක නඩු විභාගයකින් අනතුරුව ධනුෂ්ක ගුණතිලක එම චෝදනාවට වරදකරු නොවන බව ඕස්ට්‍රේලියාව් සිඩ්නි අධිකරණය තීන්දු කරනු ලැබුවේ පසුගිය සැප්තැම්බර් 28දා ය.
ඉන් පසුව ඔහු යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
සබැඳි පුවත් :
ධනුෂ්ක ගුණතිලක නිදොස්කොට නිදහස් කරයි!
ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවතට