Connect with us

ක්‍රීඩා

ක්‍රිකට් සල්ලි ගැන රොෂාන්ට ආයෙත් ප්‍රශ්න

Published

on

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබෙන මුදල් දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරිම සඳහා භාවිත කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද(28) පවසා ඇත.

වත්මන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ලෝකයේ ඕනෑම් කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව සහ දක්ෂතාව පවතින බව මෙහිදී අවධාරණය කර ඇත.

තවද අර්ජුන රනතුංගගේ කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමේ හැකියාව තිබුණු බවත්, එය යළි ඇති කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ක්‍රීඩා

චීනයේ දී රන් දිනූ අරුණ

Published

on

By

“Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගත්තේය.

එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 45.48කි.

“Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලිය චීනයේදී පැවැත්වෙයි.

Continue Reading

ක්‍රීඩා

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු තරඟය අද

Published

on

By

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වේ.

ඒ, නෙදර්ලන්තයට එරෙහිවයි.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සත්කාරකත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව එහි මූලික වටයේදී තරග කරන්නේ ඩී. කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පුහුණු තරගය අමෙරිකාවේ ලවුඩර්හිල්හිදී පැවැත්වීමට නියමිතය.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.

Continue Reading

ක්‍රීඩා

IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස්ට

Published

on

By

2024 IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) රාත්‍රියේදී සමත්විය.

ඒ හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් පන්දුවාර 10.3කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කරමිනි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 52ක් රැස්කරගත්තේය.

පිළිතුරු ඉනිම ආරම්භයේදී ඔහුට අගනා සහායක් ලබාදුන් රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් සමග ලකුණු 39ක් රැස්කරගත්තේය.

කොල්කටා නයිට් රයිඩර්ස් පිල‍ේ සම හිමිකරුවන් වන්නේ බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන් හා නිළි ජුහී චව්ලාය.

IPL ඉතිහාසයේ තරගවාරයකදී වාර්තා වූ වැඩිම හයේ පහරවල් වාර්තා වූ තරගවාරය මෙවර ලෙස ද ඉතිහාසයට එක්විය.

මෙම තරග වාරයේදී හයේ පහරවල් 1260 ක් සහ හතරේ පහරවල් 2174 ක් වාර්තා වී තිබිණි.

වසර 06කට පසු අයි.පී.එල්. අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට මෙවරත් සිය බලාපොරොත්තු ඉටුකර ගැනීමට නොහැකි විය.

අයි.පී.එල්. ඉතිහාසයටම එක් කිරුළකට හිමිකම් කියන හයිද්‍රබාද් කණ්ඩායම එය දිනාගනු ලැබුවේ 2016 වසරේදීය.

ඔවුන් අවසන් වරට 2018 වසරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවත්, එවරද ඔවුන්ට චෙන්නායි හමුවේ පරාජයට පත් විය.

කොල්කටා කණ්ඩායම මේ ජයග්‍රහණය ලබා ගත්තේ වසර 10කට පසුවය.

ඔවුන්ද 2021 වසරේදී අවසන් මහා තරගය සුදුසුකම් ලැබූවත්, චෙන්නායි හමුවේ පරාජය වී අනුශූරතාවට පමණක් සීමාවීමට සිදු විය.

ඔවුන් අවසන් වරට අයි.පී.එල්. ශූරයන් ලෙසින් කිරුළු පැළදියේ 2014 වසරේදීය.

හයිද්‍රබාද් කණ්ඩායමේ සම හිමිකාරිනියක් ලෙස කාව්‍ය මාරන් කටයුතු කරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved