Connect with us

ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් පිල මංගල තරගයෙන්ම පෙරළියක් කරයි!

Published

on

කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා පිල මුහුණ දුන් පළමු තරගෙයන් සත්කාරක දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම පරදා ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.

කේප්ටවුන් හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් ඊයේ (10) රාත්‍රී 10.30ට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම දිනාගත්තේය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඔවුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආරාධනා කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 129 ක් රැස්කළේය.

පළමු පන්දුවාර 6 හෙවත් පවර් ප්ලේ අවස්ථාව නිමා වන විට ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28 කි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස හර්ෂිතා සමරවික්‍රම ලකුණු 8 කට දැවී ගියේය.

අනතුරුව නායිකා චමරි අතපත්තු හා විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 86 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ පන්දු 62 කිනි.

විශ්මි පන්දු 34 කින් ලකුණු 35 ක් ලබා සිටියදී දැවී යාමත් සමග එම සබඳතාවය බිඳ වැටුණි.

චමරි පන්දු 50 කින් රැස්කළ ලකුණු සංඛ්‍යාව 68 කි.

හතරේ පහර 12 කින් ඇයගේ ඉනිම වර්ණවත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126 ක් පමණි.

නායිකා Sune Luus ලකුණු 28 ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරතවූවාය.

Laura Wolvaardt ලකුණු 18 ක් ද, Sinalo Jafta ලකුණු 15 ක් ද රැස්කළෝය.

පන්දු යැවීමේ දී ඉනෝකා රණවීර ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත් අතර, සුගන්දිකා කුමාරි හා ඕෂදී රණසිංහ කඩුලු 2 බැගින් දවාත්තේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත ගෙන යමිනි.

තරගයේ දක්ෂතම ක්‍රිඩිකාව ලෙස සම්මාන දිනාගත්තේ නායිකා චමරි අතපත්තුය.

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved