Connect with us

ක්‍රීඩා

කෝලි හා රෝහිත් විස්සයි-20 ජාත්‍යන්තර පිටියට සමුදෙයි

Published

on

වසර 13කට පසු විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලානය හිමිකරගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (29) සමත්විය.

ඒ 2024 විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 7කින් පරාජයට පත්කරමිනි.

බාබෙඩෝස් හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දිය නායකයා දිනා ගත් අතර පළමුවෙන් පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 34ක් තුළ දවා ගනිමින් දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායමට දැඩි අභියෝගයක් එල්ල කළේය.

මෙම තරගාවලියේදී අසාර්ථක වු විරාත් කෝලි අවසන් තරගයේදි ලකුණු 76ක් රැස් කරමින් අවශ්‍යම මොහොතේ සිය පිත්ත ක්‍රියාත්මක කළේ ඉන්දීය ඉනිම ඔසවා තබමිනි.

අක්ෂා පටෙල් ලකුණු 47ක් සහ ෂිවම් ඩුබේ ලකුණු 27ක් රැස් කළ අතර ඒ අනුව ඉන්දීය කන්ඩායම නියමිත පන්දුවාර 20දි කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත්විය.

කේෂාව් මහරාජ් සහ ඇන්රික් නෝකියා කඩුලු 2 බැගින් දවාගත්හ.

ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත පන්දු ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණි.

දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 52ක් රැස්කළ අතර ක්වින්ටන් ඩි කොක් ලකුණු 39ක් රැස්කළේය

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා සහ අර්ෂ්දීප් සිං කඩුලු 2ක බැගින් දවාගත් අතර හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් දවාගත්තේය.

මෙවර 20යි 20 ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ක්‍රීඩාංගණය වෙත රැගෙන ආවේ බාබෙඩෝස් අග්‍රාමාත්‍යවරිය සහ කොදෙව් හිටපු සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් විසිනි.

කෝලි – රෝහිත් සමුගැනීම

තරඟයෙන් පසු සංවේදී නිවේදනයක් නිකුත් කරමින්, ඉන්දීය සුපිරි ක්‍රීඩකයින් වන විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා ජාත්‍යන්තර T20 තරඟවලින් විශ්‍රාම යන බව ප්‍රකාශ කළහ.

අවසන් මහා තරගයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ කෝලි, “මෙය මගේ අවසන් විස්සයි20 ලෝක කුසලානය, අපට සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වූයේ මෙයයි” යනුවෙන් සිය සතුට පළ කළේය. 

කෝලි ඉනිම 117කදී එක් ශතකයක් සහ අර්ධ ශතක 38ක් ඇතුළුව ලකුණු 4,188ක් රැස්කරමින් විශ්‍රාම ගියේය.

සිය විශ්‍රාම ගැනීම නිවේදනය කළ රෝහිත් ෂර්මා ජාත්‍යන්තර විස්සයි – 20 තරගවලදී ලකුණු 4,231ක් සහ ශතක 5ක් රැස්කළ වැඩිම ලකුණු ලාභියා ලෙසින් පිටව යයි.

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. කුසල් පෙරේරා
  6. කමිඳු මෙන්ඩිස්
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. දසුන් ශානක
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහීෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. චාමික කරුණාරත්න
  14. මතීෂ පතිරණ
  15. නුවන් තුෂාර
  16. බිනුර ප්‍රනාන්දු
  17. එෂාන් මාලිංග

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved