Connect with us

ක්‍රීඩා

චමරීට කොදෙව් දූපත්වලින් කැඳවීමක්

Published

on

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ (CPL 2024) එළබෙන අදියරට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක්කරගෙන තිබේ.

මෙම තරගාවලියේ වත්මන් ශූරියන් වන බාබඩෝස් රෝයල්ස් හිමිකරුවන් විසින් චමරිට මෙම කැඳවීම සිදුකර ඇත.

තෙවැනි වරට පැවැත්වීමට නියමතව තිබෙන සී.පී.එල්. කාන්තා තරගාවලිය එළබෙන අගෝස්තු මස 21 – 29 දිනවලදී ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහ පුටුවේ වැඩ අරඹයි

Published

on

By

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වැඩ භාරගෙන ඇති බව එම කවුන්සිලය  නිවේදනය කර තිබේ.

මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ඉන්දීය ජාතික ජේ. ශාහ් මහතායි.

ශම්මි සිල්වා මහතා මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

Published

on

By

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) පැවැත්වීමට නියමිතව ඇත.
a
ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන අවසන් පූර්ව තරගය  ඉන්දියාව සමගින් සාජාහිදී පැවැත්වේ.

මෙම තරගය දෙකම මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.

Continue Reading

ක්‍රීඩා

ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය

Published

on

By

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කලේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ඇතැම් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, විරෝධතා ගොනුකිරීම සඳහා තමන්ට තවදුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව නඩුව යළි මෙම මස 18 වනදා කැඳවීමට නියෝග කළ දිසා අධිකරණය එදිනට පෙර විරෝධතා සහ ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසට පාර්ශ්වකරුවන්ට නියෝග කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ කමිටුවේ ලේකම්වරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නොමැති බවය.

එබැවින් ඔහුගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved