Connect with us

ක්‍රීඩා

ජාතික ක්‍රීඩා කවුන්සිලයට සාමාජිකයන් පත්කරයි

Published

on

ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයින් පත්කර තිබේ.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් එම කවුන්සිලය සඳහා සාමාජිකයින් 15ක් පත්කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකරව පත්කර ඇත.

මීට පෙර එහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ය.

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් අත්හිටුවයි

Published

on

By

එළඹෙන LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ප්‍රිමියර් ලීග් නිවේදනය කරයි.

LPL සංවිධායක කමිටුවේ සභාපති අනිල් මොහාන් මහතා පවසා ඇත්තේ  LPL තරගාවලියේ විනිවිදභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවය. 

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ Imperial Sports Group ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් මුහුණදී ඇති නීතිමය කරුණු සලකාබලා ඉහත තීරණය ගත් බවයි.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.

Continue Reading

ක්‍රීඩා

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Continue Reading

ක්‍රීඩා

LPL වෙන්දේසියේදී ඉහල මිලක් හිමිවූ මතීෂ

Published

on

By

කොළඹදී දැන් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇමෙරිකානු ඩොලර් 120,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 360 කට ආසන්න මුදලකට අළෙවි විය.

එහිදී කොළඹ කණ්ඩායම විසින් මතීෂ පතිරණ මිලදීගත් අතර මේ වන විටත් පැවැත්වෙන වෙන්දේසියේදී මේ දක්වා ඉහළම මිල මතීෂට හිමිවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved