ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ තාක්ෂණික උපදේශන කමිටුවේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබීය.
මෙය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (11) දින පැවැත්වුණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවැසුවේ ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් නිසි වෙලාවට නිවැරදි, සෘජු තීරණ ගැනීමට නොපැලිකෙන බවයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ දැනට පැනනැගී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා 2020 ජනවාරි මස 8 වන දිනට සංශෝධිත ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ තුන්වන ඡේදය හා 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(03) වන වගන්තිය සමග කියවිය යුතු 41 නි වගන්ති යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සඳහා තාක්ෂණික උපදෙස් කමිටුවක් පත් කරන ලදී.
මෙම කමිටුවට පත් කර ඇති සාමාජිකයන් මෙසේය :
01.සනත් ජයසූරිය මහතා (කමිටු සභාපති)
02.ෆාවිස් මහරුෆ් මහතා (කමිටු සාමාජික)
03.කපිල විජේගුණවර්ධන මහතා (කමිටු සාමාජික)
04,චරිත් සේනානායක මහතා (කමිටු සාමාජික)
05.අසංත ද මෙල් මහතා (කමිටු සාමාජික)