Connect with us

ක්‍රීඩා

දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැතැයි දසුන් කියයි

Published

on

දේශපාලන පක්ෂ ප්‍රචාරණයක් වෙනුවෙන් තමන්ගේ ඡායාරූප භාවිත කර ඇති බවට තමා දුටු බවත්, තමන් කිසිම පක්ෂයකට සම්බන්ධ නැති බවත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටී

එසේම කිසිම දේශපාලන පක්ෂයකට තමන් තානාපතිවරයකු ලෙස සහභාගි වී නොමැති බවත්, තම එකම සැබෑ ආදරය සහ ආශාව රට වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත් ඔහු වැඩිදුරටත් සිය ට්විටර් පණිවුඩය මගින් කියා සිටී.

ක්‍රීඩා

දසවසරකට පසුව ලංකාව එංගලන්තය පරදා ටෙස්ට් ජයක් ලබයි

Published

on

By

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127යි.

සිය 11වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් අද (09) වාර්තාකළේ සිය 2 වන ටෙස්ට් ශතකය යි.

ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.

ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111කි.

මෙම තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 – 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය.

මෙය 2014 වසරට පසුව ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ගේ ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 325 ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 263ක් රැස්කළේය.

නමුත් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ලැබූ සිව්වන ටෙස්ට් තරග ජයග්‍රහණයයි. 

Continue Reading

ක්‍රීඩා

බ්‍රැඩ්බි පළිහ ත්‍රිත්ව විදුහලට

Published

on

By

2024 බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම ඊයේ (07) සමත් විය.

78 වැනි බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් පල්ලෙකැලේ පැවති දෙවන අදියරේ තරගය ලකුණු 25 – 23ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ත්‍රිත්ව විදුහල මෙම ජය වාර්තා කළේය.

මෙවර බ්‍රැඩ්බි පළිහ පළමු අදියරත් ත්‍රිත්ව විද්‍යාලය ජයගත් අතර අදියර දෙකේම සමස්ත ලකුණු ප්‍රමාණයට අනුව 42 – 39ක් ලෙස මෙවර බ්‍රැඩ්බි පළිහ ජයගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත්විය.

Continue Reading

ක්‍රීඩා

නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර රංගනට

Published

on

By

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එහිදී නවසීලන්තය ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැඹෙන එක්දින ටෙස්ට් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට ඔහුගේ දායකත්වය ලබා දෙන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද පත් ක‍ර ඇති බව සඳහන්ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved