Connect with us

ක්‍රීඩා

ධනුෂ්කට ආයෙත් WhatsApp යන්න පුළුවන් හැබැයි පෙම් කෙළින්න බෑ

Published

on

ඔස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ලිංගික අතවර චෝදනාවට අත්අඩංගුවට පත්ව පසුව දැඩි ඇප කොන්දේසි මත නිදහස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දේසි දෙකක් ලිහිල් කිරීමට ඊයේ (23) සිඩ්නි නුවර ඩෝනිං සෙන්ටර් අධිකරණය පියවර ගෙන ඇත.

ඔහු වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ එමා සුලිවාන් විසින් ඊයේ ධනුෂ්කගේ ඇප කොන්දේසි ලිහිල් කිරීමේ අභියාචනාව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එය සලකා බැලූ මහේස්ත්‍රාත් ජෙනිෆර් ඇට්කින්සන් ධනුෂ්කට වට්ස්ඇප් සමාජ මාධ්‍යය භාවිත කිරීමටත්, රාත්‍රී කාලයේ නවාතැනින් පිටතට යෑමටත් අවසර ලබා දී ඇත.

මහේස්ත්‍රාත්වරිය මේ තීන්දුව ගෙන ඇත්තේ ඇප කාලසීමාව ඇතුළත ධනුෂ්ක යහපත් කල්ක්‍රියාවෙන් පසු වූ බවට ලද වාර්තාවකට අනුව බව ද සඳහන් වේ.

වට්ස්ඇප් සමාජ මාධ්‍යය භාවිත කිරීමට ඔහුට අවසර ලැබුණ ද, එය අවභාවිත කරමින් යළි පෙම් සබඳතා පැවැත්වීමට උත්සාහ නොගන්නා ලෙස තරයේ අවවාද කර ඇත.

එමෙන්ම වට්ස්ඇප් ගිණුම හැර ඔහුගේ සෙසු සමාජ මාධ්‍ය ජාලා තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ද දැනුම් දී තිබේ.

රාත්‍රී කාලයේ නවාතැනින් පිටතට යෑමේ තහනම ඉවත් කරන ලෙස ධනුෂ්කගේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී පැමිණිල්ලේ නීතිඥ සොලිසිටර් ජොර්ජ් රික්සන් ඊට දැඩි ලෙස විරෝධතාව පළ කර ඇතැයි ද වාර්තා වේ.

ඔහුට එල්ල වූ ලිංගික අතවර චෝදනාවට අදාළ සිදුවීම වාර්තා වූයේ රාත්‍රී කාලයේ දී බැවින් නැවත රාත්‍රී කාලයේ එළිමහනේ සැරි සැරීමට අවසර දීම අවදානම් තත්ත්වයක් බව සොලිසිටර් රික්සන් අධිකරණයේදී තර්ක කර ඇත.

එහෙත් එවැනි සිදුවීමක් දිවා කාලයේ වුව ද සිදු විය හැකි බව සඳහන් කරමින් මහේස්ත්‍රාත්වරිය එම විරෝධතාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු ඇප කාලසීමාව තුළ යහපත් කල්ක්‍රියාවෙන් පසු වූ බවත්, ඒ පිළිබඳ අධිකරණය සෑහිමකට පත්වන බවත් සඳහන් කරමින් ධනුෂ්ක ගුණතිලකට මහේස්ත්‍රාත් ජෙනිෆර් ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී ද ඒ අයුරින් යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිටින ලෙසටය.

ලිහිල් කළ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමෙන් තවත් මාස ගණනාවකට සිරගත වීමට සිදුවනු ඇතැයි ද මහේස්ත්‍රාත්වරිය ධනුෂ්කට අනතුරු අඟවා තිබේ.

අනතුරුව ඔහුට එරෙහිව ඇති සාක්ෂි පිළිබඳ අධ්‍යයනය කළ අධිකරණය නඩු විභාගය ලබන අප්‍රේල් මාසය දක්වා කල් දැමීමට තීන්දු කර ඇත.

ඔස්ට්‍රේලියානු ජාතික 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අනුව ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත් වූයේ පසුගිය නොවැම්බර් මාසයේ මුල් භාගයේදීය.

අත්අඩංගුවට පත් වීමෙන් පසු රාත්‍රීන් 11ක් පොලිස් රැඳවුම් භාරයේ ගත කළ ධනුෂ්ක ගුණතිලකට චෝදනා හතරක් යටතේ නඩු ගොනු කර තිබූ අතර, නොවැම්බර් මස 17 වැනිදා ඇප නියම වූයේ දැඩි කොන්දේසි රැසක් යටතේය.

ඒ අනුව ඔහුට නඩු විභාගය අවසන් වනතුරු රටින් පිටවීමත්, ඔහු අදාළ කාන්තාව සමඟ සම්බන්ධතාව ගොඩනඟාගත් ටින්ඩර් ඇතුළු මිතුරු ඇසුරු කිරීමේ කිසිදු වෙබ් අඩවියකට මෙන්ම ඔහුගේ පෞද්ගලික ගිණුම් ඇතුළත් සමාජ මාධ්‍ය අතරට ප්‍රවේශවීමත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබිණි.

මීට අමතරව ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති නිශ්චිතව රැඳී සිටින ලිපිනය සඳහන් නිවෙසින් දිනපතා රාත්‍රී 9.00 සිට උදෑසන 6.00 දක්වා කාලය ඇතුළත පිටතට යෑම තහනම් කර තිබූ අතර, දෛනිකව සිඩ්නි නුවර පොලිසියට වාර්තා කළ යුතුව තිබිණි. ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ද අධිකරණ භාරයට ගත් අතර, ඔහුට රටින් පිටවිය හැකි කිසිදු ස්ථානයක් අසළට යෑම හෝ අදාළ කාන්තාවගේ නිවෙස පිහිටා ඇති පළාතට යෑම හෝ සපුරා තහනම් කර තිබිණි.

එහෙත් පසුව ඔහුට තනි කාමරයක් සහිත නිවෙසක පදිංචි වීමට අධිකරණය අවසර ලබා දී තිබිණි.

සබැඳි පුවත්

ධනුෂ්කගේ නඩුව පෙබරවාරි 23ට කල්  යයි  https://sinhala.srilankamirror.com/news/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b1%e0%b6%a9%e0%b7%94%e0%b7%80-%e0%b6%b4%e0%b7%99%e0%b6%b6%e0%b6%bb%e0%b7%80%e0%b7%8f%e0%b6%bb%e0%b7%92-23%e0%b6%a7/

නීතිපති ධනුෂ්කට තරග තහනමක් නිර්දේශ කරයි!https://sinhala.srilankamirror.com/news/%e0%b6%b1%e0%b7%93%e0%b6%ad%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92-%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%ad%e0%b6%bb%e0%b6%9c-%e0%b6%ad%e0%b7%84%e0%b6%b1%e0%b6%b8/

ධනුෂ්කට ඇපවුණ ඕස්ට්‍රේලිවේ සිටින ලාංකික කත කවුද?https://sinhala.srilankamirror.com/sports/%e0%b6%b0%e0%b6%b1%e0%b7%94%e0%b7%82%e0%b7%8a%e0%b6%9a%e0%b6%a7-%e0%b6%87%e0%b6%b4%e0%b7%80%e0%b7%94%e0%b6%ab-%e0%b6%95%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%8a%e0%b6%bb%e0%b7%9a%e0%b6%bd%e0%b7%92/

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved