Connect with us

ක්‍රීඩා

ධනුෂ්කට සහනයක්

Published

on

ඕස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කර ඇත්තේ එය ධනුෂ්ක ගුණතිලක ලද ජයග්‍රහණයක් ලෙසටය.

ඒ අනුව මෙම සහනය හරහා ධනුෂ්ක ගුණතිලක හට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමිව ඇත.

මෙලෙස සංචාරයන් හි නිරතවීමේදී ධනුෂ්කට ඔස්ට්‍රේලියාව තුළ ගුවන් සංචාරයන් හි නිරත වීමට ද අවසර ලැබී තිබේ.

එක් මාසයකදී ඔහුට එරට අභ්‍යන්තර ගුවන් සංචාරයන් දෙකක් සිදුකිරීමට ඒ අනුව අවසර හිමිවනු ඇති.

අදාළ නඩු විභාගය සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඔහුට එරෙහි ඇප කොන්දේසි ලිහිල් කිරීමට මෙලෙස අධිකරණය තීරණය කර ඇත.

එහිදී වැඩිදුරටත් අධිකරණය විසින් නියෝග කර ඇත්තේ ඔහු ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අදහස් කරන්නේ නම් තම සංචාරයේ කාලසීමාව, ස්ථානය සහ ගමන් මාර්ගය අවම වශයෙන් පැය 48 කට පෙර පොලිසිය දැනුවත් කරන ලෙසටය.

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලකට සතියකට තුන් වතාවක් පොලීසිය හමුවේ පෙනී සිටීමේ නියෝගය තවදුරටත් ක්‍රියාත්මකය.

(නිවුස්රේඩියෝ)

ක්‍රීඩා

T10 තරග පාවා දීමේ සිදුවීමට ගෝල් මාර්වල්ස් හිමිකරු ප්‍රේම් තක්කාර්ට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරඟ පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

මේ අතර තක්කාර්ට රුපියල් මිලියන 6ක දඩයක් ද නියම කර ඇති අතර, රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවීමට ද මහනුවර මහාධිකරණය නියෝග කර ඇත.

ඊට අමතරව, අඛණ්ඩ විමර්ශනවල කොටසක් ලෙස තක්කාර්ගේ ජංගම දුරකථනයෙන් දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමක් මහනුවර මහාධිකරණය විසින් අනුමත කරන ලදී.

ඉකුත් 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා T10 ලීගය අතරතුර ගාලු මාර්වල්ස් සම්බන්ධ වූ තරඟයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක අන්ඩ්‍රෙ ෆ්ලෙචර්ට උපදෙස් ලබා දීමෙන්, තක්කාර් තරග පාවා දීමට උත්සාහ කළ බවට නීතිපතිවරයා මෙම වසර මුලදී අධිචෝදනා ගොනු කලේය.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

IPL තරගයේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද

Published

on

By

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද(29) පැවැත්වේ.

ඒ පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි.

අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගන්නා පළමු කණ්ඩායම බවට පත්වනු ඇත.

ඉන්දියාවේ මුල්ලාන්පූර්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

කොරියාවේදී ලංකාවේ නම බැබලවූ කාලිංග

Published

on

By

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවී තිබේ .
තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 45.55ක දක්ෂතාවක් දැක්වූ බව සඳහන් වේ .

තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන්කළ කටාර් රාජ්‍යයේ අමර් ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගෙන තිබේ .

එමෙන්ම රිදී පදක්කම ජපානයේ කෙන්ටාරෝ සාටෝ දිනාගත් අතර, ඔහු තත් 45.50කින් තරගය අවසන් කර ඇත .

ඊයේ (27) ආරම්භ වූ මෙම ශූරතාවලිය එළැඹෙන 31වනදා දක්වා දකුණු කොරියාවේ ගුමි හිදී පැවැත්වේ .

1973 වසරේදී ආරම්භ වූ මෙයට දකුණු කොරියාව සත්කාරකත්වය දක්වන තෙවන අවස්ථාව මෙයයි. මීට පෙර 1975 සහ 2005 වර්ෂන්හිදී ඔවුන් සත්කාරකත්වය ලබාදී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved