Connect with us

ක්‍රීඩා

ප්‍රේම් තක්කර් තවදුරටත් රිමාන්ඩ්

Published

on

සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගෝල්ඩ් මාවල්ස් කණ්ඩායමේ හිමිකරු වන ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කර් නමැත්තා මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහ‍ෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මහනුවර පල්ලේ කැලේ පැවැත්වෙන ලංකා T10 ක්‍රිකට් තරගාවලියේදී තම කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි චෝදනා කරමින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබිය.

එම අවස්ථාවේදී අදාළ විත්තිකරු මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී දැනුම් දී තිබුණේ මෙම වරද සම්බන්ධයෙන් තමන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ  127 වන වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබාදීමට එකඟ වන බවය.

ඒ අනුව අදාළ රහස් ප්‍රකාශය සටහන් කරගැනීම සඳහා අදාළ සැකකරුව ලබන 18 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කර තිබේ.

තම කණ්ඩායමට ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා යෝජනා කළේ යැයි සැකපිට මෙම ඉන්දීය ජාතිකයා ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් විමර්ශන ඒකකය මගින් ඉකුත්දා අත්අඩංගුවට ගෙන තිබුණි.

(අද දෙරණ)

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved