Connect with us

ක්‍රීඩා

පාපන්දු ලොව අංක එක ආර්ජන්ටිනාව නොවෙයි !

Published

on

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය (ෆිෆා) විසින් එළිදක්වන නවතම පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ මෙවර ලෝක ශූර ආර්ජන්ටිනාවට හිමි නොවන බව වාර්තා වේ.

ෆිෆා මගින් මෙම නවතම ශ්‍රේණිගත කිරීම් තවමත් නිළ වශයෙන් එලිදක්වා නොමැති වුවත්, විදෙස් මාධ්‍ය එම යාවත්කාලීන කරන ලද ශ්‍රේණිගත කිරිම් මේ වන විට විදෙස් ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයකම දක්වා ඇත.

ඒ අනුව ලෝක කුසලානයට පෙර සිටම එහි පෙරමුන ගෙන සිටි බ්‍රසීලය තවදුරටත් පෙරමුනේ රැදී සිටින අතර ලෝක ශූර ආර්ජන්ටිනාව ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් දෙවැනි ස්ථානයට පත්වී ඇත.

ඒ මීට පෙර එම ස්ථානයේ රැඳී සිටි බෙල්ජියම සිව්වැනි ස්ථානය දක්වා ඇදදමමිනි.

මෙහි පෙරමුනේ පසුවන බ්‍රසීලය තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ ක්‍රොයේෂියාව හමුවේ තියුනු තරගයකින් පසු පරාජයට පත්වීමෙනි.

මේ අතර මෙම සටහනේ මීට පෙර තෙවැනි ස්ථානයේ රැදී සිටි, මෙවර ලෝක කුසලාන අනුශූර ප්‍රංශය තවදුරටත් එම ස්ථානයේම රැදී සිටියි.

මිට අමතරව තරගාවලියේ අර්ධ අවසන්පූර්ව වටය දක්වා පැමිණි එංගලන්තය තවදුරටත් පස්වැනි ස්ථානයේ රැඳී සිටියි.

මෙම සටහනේ මීට පෙර 6 වැනි ස්ථාන‌යේ රැඳී සිටි ඉතාලිය 8 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස ඇති අතර ඒම ස්ථානයට පත්වී ඇත්තේ මෙවර ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණි නෙදර්ලන්තයයි.

පසුගිය (2020) යුරෝපානු ශූරතාවද දිනාගත් ඉතාලිය මෙවර ලෝක කුසලානයට සුදුසුකම් නොලැබිමද විශේෂත්වයකි. මෙහිදී තරගාවලියේ තෙවැනි ස්ථානය දිනූ ක්‍රොයේෂියාව ස්ථාන 5 ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්වීම කැපී පෙණින.

මෙහි 9 වැනි ස්ථානය සුපුරුදු පරිදි පෘතුගාලයට හිමිවී ඇති අතර ඔවුන් මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණිමට සමත්වූහ. කෙසේ වෙතත් ලෝක කුසලානයට පෙර මෙම සටහනේ 7 වැනි ස්ථානයේ පසුවූ ස්පාඤ්ඤය මෙම නව සටහනේ 10 වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුවී ඇත. ඔවුන් ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය දක්වා පැමිණීමට සමත්වූහ.

මොරොක්කෝව 22 සිට 11ට

මේ අතර මෙවර තරගාවලියේ පෙරලිකාරම කණ්ඩායම බවට පත්වූ මොරොක්කෝව මෙම නව සටහනේ ස්ථාන 11 ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

ඒ 22 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානය දක්වායි. ඔවුන් මෙම නව සටහනේ ඉදිරියෙන්ම රැදී සිටින අප්‍රිකානු මහද්වීපික කණ්ඩායම වේ.

මේ අතර අවසන් 16 දෙනාගේ වටය දක්වා ඉදිරියට පැමිණි ඇමරිකාව මෙම සටහනේ ස්ථාන 3 ක් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

ඒ උතුරු ඇමරිකානු කලාපයේ ඉදිරියෙන්ම සිටින රට බවට පත්වෙමිනි. ඇමරිකාව තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත්විය.

කෙසේ වෙතත් මෙම සටහනේ මීට පෙර ඉදිරියෙන්ම සිටි උතුරු ඇමරිකානු රාජ්‍යය වන මෙක්සිකෝවට මෙම නව සටහනේ හිමිවී ඇත්තේ 15 වැනි ස්ථානයයි. මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වූ ඔවුන් මේ අනුව ස්ථාන දෙකක් පහතට වැටී ඇත.

මීට අමතරව ආසියානු කලාපයේ පෙරලිකාරයින් බවට පත්වූ ජපානය ස්ථාන 4 ක් ඉදිරියට පැමිණෙමින් 20 වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත.

ජපානය මෙවර තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේදී තියුණු තරගයකින් පසු ක්‍රොයේෂියාව හමුවේ පරාජයට පත් වුවද ඔවුන් මූලික වටයේදී ජර්මනිය හා ස්පාඤ්ඤය යන ප්‍රභල කණ්ඩායම් ද්විත්වයම පරාජට පත්කරන ලදී.

මෙවර ලෝක කුසලානය පාපන්දු තරගාවලිය අවසන් වීමත් සමගින් බොහෝ දෙනෙකුගේ අවධානය මෙම නව පාපන්දු ශ්‍රේණිගත කිරීම්වෙත යොමුවී තිබුණත් එය නිළවශයෙන එළි දක්වන්නේ හෙට (22දා) බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved