Connect with us

ක්‍රීඩා

පාර්ලිමේන්තු ගිය ක්‍රිකට් නායකයාගෙන් රසිකයෙක්ට කම්මුල් පාරක්!

Published

on

ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජයගැනීමට බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් සමත් වී තිබේ.

අවාමි ලීගය ඔස්සේ ඔහු බංගලාදේශ මහා මැතිවරණයට තරග කර තිබුණි.

කෙසේවෙතත්, 36 හැවිරිදි ශකීබ් සිය ජයග්‍රහණය වාර්තා කර වැඩි කලක් යාමට පෙර පුවත් සිරස්තල වල මාතෘකාවට පත් වී තිබේ.

ඒ, රසිකයෙකුට කම්මුල් පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරී යාමත් සමගයි.

විශාල පිරිසක් මැද සිටින ශකීබ්, හදිසියේම හැරී තමාට පිටුපස සිටි පුද්ගලයෙකුට වැරෙන් කම්මුල් පහරක් එල්ල කරන අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.

කෙසේවෙතත්, මෙයට හේතුව තවමත් නිල වශයෙන් වාර්තා වී නොමැත.සිය හැසිරීම සම්බන්ධයෙන් ශකීබ් ආන්දෝලනයට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.

ක්‍රීඩා

ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Published

on

By

ලෝක ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලානයේ  සත්කාරකත්වය ශ්‍රී ලංකාව හිමිව තිබේ.

12 වැනි වරට පැවැත්වෙන ගෘහස්ථ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය, ලෝක ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනයේ (WICF) අධීක්ෂණය යටතේ පැවැත්වෙනු ඇත.

මෙවර තරගාවලිය සංවිධානය කිරීම සිලෝන් ගෘහස්ථ ක්‍රිකට් සම්මේලනය වෙත (CICA) පවරා ඇති අතර, තරගාවලිය එළඹෙන සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 05 වැනි දා දක්වා තලවතුගොඩ ඔස්ටේසියා ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

තරගාවලිය පිරිමි විවෘත, කාන්තා විවෘත, 22න් පහළ පිරිමි සහ කාන්තා ලෙස කාණ්ඩ හතරක් යටතේ ක්‍රියාත්මක වේ.

මෙවර තරගාවලියට ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ඇමරිකාව සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වීමට නියමිතය.

1995 වසරේ දී ආරම්භය ලද මෙම තරගාවලිය මීට වසර 21කට පෙර ද ශ්‍රී ලංකාවේ පවත්වා ඇති අතර, මෙතෙක් පැවැත්වූ සෑම තරගාවලියක් ම ජයග්‍රාහකයන් වූයේ  ඕස්ට්‍රේලියාව යි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් වරක් තරගාවලියේ අනු ශූරතාව හිමි කර ගැනීමට සමත්විය.

Continue Reading

ක්‍රීඩා

නදුන් කවීෂ අවසන් පූර්ව වටයට

Published

on

By

චීනයේ නැංජින් හි පැවැත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (22) පැවැති මීටර 60 කඩුළු පැනීම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නදුන් කවීෂ සමත්විය.

4වන මූලික තරගයට (Heat 4) සහභාගි වූ නදුන් සිය ඉසව්ව තත්. 7.87කින් අවසන් කිරීමට සමත් වූ අතර, ඔහුට එහිදී 5වන ස්ථානය හිමිවිය.

කෙසේ නමුත් ඔහු තරගය අවසන්කළ කාලය මූලික වටයේ තරග අවසානයේදී පළමු ක්‍රීඩකයන් 24 අතර රැඳීමට හේතු වූ බැවින් ඔහුට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වරම් හිමිවිය.

මෙහි අවසන් පූර්ව තරගය මෙරට වෙලාවෙන් අද (22) ප.ව. 5.20ට ආරම්භවීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

චාමර සිල්වා මීළඟ ලෝක කුසලානය තෙක් 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු

Published

on

By

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා මීළඟ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත.

මෙම පත් කිරීමට පෙර චාමර පොලිස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස වසර ගණනක් කටයුතු කළේය.

ඒ අතර ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකයකු ලෙසද එහි පත්වීමක් ලබා ගත්තේය.

චාමර සිල්වාගේ පුහුණු සහායකයන් ලෙස සමන් ජයන්ත ( පිතිකරණ), දිල්‍ රුවන් පෙරේරා( දඟ පන්දු ) කටයුතු කරනු ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved