Connect with us

ක්‍රීඩා

පැරාලිම්පික් තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙක්

Published

on

පැරිස් 2024 පැරාලිම්පික් තරගාවලිය ලබන 28 වැනිදා සිට සැප්තැම්බර් මස 08 වැනිදා දක්වා පැරිස්හි දී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ සඳහා රටවල් 189ක් පමණ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4400කට අධික පිරිසක් සහභාගීවීමට නියමිතය.

එහි දී ඔවුන් ඉසව් 22ක් යටතේ තරග වදිනු ඇත.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙකු සහභාගී වන අතර එම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, සමිත දුලාන්ටය.

හෙල්ල විසි කිරීමේ F44 ඉසව්ව යටතේ ඔහු තරග කිරීමට නියමිතව තිබේ.

නුවන් ඉන්දික තරග කරනු ලබන්නේ මීටර් 100 T44 ඉසව්වටයි.

F42/63 යගුලිය විසි කිරීමේ ඉසව්වට පාලිත බණ්ඩාර සහභාගී වනු ඇත.

මීටර 100 ඨT42/63 තරග ඉසව්වට අනිල් ජයලත් ක්‍රීඩා කරන බවයි, ජාතික පැරාලිම්පික් කමිටුව සඳහන් කළේය.

ප්‍රදීප් සෝමසිරි මීටර් 1500 T46 ඉසව්වටත් සුරේෂ් ධර්මසේන රෝදපුටු ටෙනිස් තරගයටත් ක්‍රීඩා කරනු ලබයි.

නවීඩ් රහීම් පිහිනුම් S9 ඉසව්වට සහභාගී වීමට නියමිතය.

ජනනි ධනංජනා දුර පැනීම ඨ්47 ඉසව්ව සඳහා එක්වනු ඇත.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන 25 වැනිදා පැරිසිය බලා පිටත් වීමට නියමිත බවයි, ජාතික පැරාලිම්පික් කමිටුව වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රීඩා

ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවේ හා ඉන්දියාවේදී

Published

on

By

මේ වසරේ ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය පැවැත්වෙන දින හා ක්‍රීඩාංගන ප්‍රකාශයට පත් කර තිබේ.

13 වරටත් පැවැත්වෙන මෙම එක්දින ජාත්‍යන්තර තරගාවලියට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා පාකිස්තානය යන රටවල් 08ක් එක්වේ.

සැප්තැම්බර් 30දා – නොවැම්බර් 02දා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය, ඉන්දියාවේ හා ලංකාවේ ක්‍රීඩාංගන 05ක පැවැත්වෙනු ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. එම ක්‍රීඩාංගන වන්නේ බෙංගාලූරූ හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගනය, ගුහාවතී හි ACA ක්‍රීඩාංගනය, ඉන්දෝර් හි හොල්කාර් ක්‍රීඩාංගනය, විශාඛාපට්නම් හි ACA-VDCA ක්‍රීඩාංගනය හා කොළඔ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයයි.

සමාරම්භක තරගය සැප්තැම්බර් 30දා බෙංගාලූරූ හි දී පැවැත්වීමට නියමිත අතර, පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 29දා ගුහාවතී හිදී හෝ කොළඹ දී පැවැත්වෙනු ඇත. දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ඔක්තෝබර් 30දා බෙංගාලූරූ හි දී පැවැත්වීමට නියමිතය.

මෙහි අවසන් මහා තරගය නොවැම්බර් 02දා බෙංගාලූරූ හි දී හෝ කොළඹදී පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ජාතික තේරීම් කමිටුව පත්කරයි

Published

on

By

ජාතික තේරීම් කමිටුව පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබේ.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 30 වැනිදා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී මෙම පත් කිරීම සිදුකර ඇත.

එහිදී ජාතික තේරීම් කමිටුවේ නව සභාපතිනිය ලෙස ශ්‍රියානි කුලවංශ මහත්මිය පත් කිරීමටද පියවර ගෙන තිබේ.

එම කමිටු නිලධාරීන් පහතින්

01. ශ්‍රියානි කුලවංශ – (සභාපති  – ජාතික ක්‍රිඩා තෙරීම් කමිටුව)
02. මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ  – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව )
03. මේජර් රාජිත සමරසේකර –  (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව)
04.  කමල්  ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී  –  ක්‍රීඩා අමාත්‍යංශය )
05. රුවන් පෙරේරා   – (පාසල්  ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල)
06. ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව )
07. සුරේෂ් සුබ්‍රමනියම් –   (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)
08. අනුරාධා ඉලෙපෙරුම –   (අතිරේක ලේකම් – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය)

Continue Reading

ක්‍රීඩා

චීනයෙන් ලංකාවට මකර බෝට්ටු 5ක් (ඡායා)

Published

on

By

චීනය විසින් ශ්‍රී ලංකාවට මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කර තිබේ.

මෙම ප්‍රදානය කිරීම පසුගිය 31 වැනිදා දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැත්වුණු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය අතරතුරදී සිදුවිය.

මෙරට චීන තානාපති කාර්යාලය හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් පැවැත්වූ මෙම තරගාවලිය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමය, කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම, මෙරට පවතින චීන වාණිජ මණ්ඩලය හා Sri Lanka Overseas Chinese Association විසිනි.

පාසැල් හා විශ්ව විද්‍යාල කණ්ඩායම් මෙන්ම ක්‍රීඩා සමාජ, ආරක්ෂක අංශ හා චීන කණ්ඩායම් ද මීට එක්විය. මොවුන් අතරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ඇතුළත් කණ්ඩායම් 05ක් යාපනයෙන් ද එක්වීම සුවිශේෂී විය.

මකර බෝට්ටු 5ක් ලංකාවට ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කළ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙය හුදෙක් ක්‍රීඩා තරගාවලියක් පමණක් නොව දෙරට අතර මිත්‍රත්වය, සංස්කෘතිය හා සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපති – චී ජන්හොංග් මහතා පවසා සිටියේ මෙම ශූරතාවය, දෙරට අතර ක්‍රීඩා හා සංස්කෘතික හුවමාරුවන් තවදුරටත් ගැඹුරු කිරීමටත් දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා නව ආරම්භක ලක්ෂ්‍යයක් වන බවයි.

ශ්‍රී ලංකාවේ කැනූඉං සහ කායැකිං ජාතික සංගමයේ සභාපති – රියර් ඇඩ්මිරල් එච්.එන්.එස්. පෙරේරා මහතා පැවසූවේ මෙම අවස්ථාව සම්ප්‍රදාය හා නූතනත්වය අතර පාලමක් බඳු බවයි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය – සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති – චී ජන්හොංග් යන මහතුන් අතින් ජයග්‍රාහකයන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමුණි.

පිරිමි හා කාන්තා විවෘත අංශ වල ජයග්‍රහණය ලැබීමට පිළිවෙලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා කොළඹ විශාඛා විද්‍යාලයේ කණ්ඩායම් සමත් වූ අතර, කණිෂ්ට කාන්තා අංශයේ ජයග්‍රහණය හිමිවූයේද විශාඛා විද්‍යාලයටයි.

මේ අතර, කණිෂ්ට පිරිමි අංශයේ ජය හිමිවූයේ යාපනයේ තම්පඩ්ඩි රජයේ දෙමළ මිශ්‍ර පාසලේ කණ්ඩායමටයි.

මාස්ටර්ස් කාන්තා අංශයේ ජය සීලෝං කණ්ඩායමටත්, මිශ්‍ර අංශයේ ජය සබරගමු විශ්ව විද්‍යාලයේ කණ්ඩායමටත් හිමිවිය.

(ඡායා : ශානිකා ජයසේකර)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved