Connect with us

ක්‍රීඩා

පැරා ඔලිම්පික් ලෝක වාර්තාවක් පිහිට වු සමිත දුලාන්ට නව හෙල්ලයක්

Published

on

2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා යුධහමුදා පොලිස් හේවා බලකායේ (SLCMP) බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කු මහතා වෙත ජනවාරි 29 දින අධ්‍යාපන අමාත්‍යංශයේදී අග්‍රාමාත්‍යවරියගේ අතින් නව හෙල්ලයක් පිරිණැමීම සිදුවිය.

2024 වර්ෂයේ ප්‍රංශයේ පැවැති පැරා ඔලිම්පික් උළෙලට සහභාගී වූ අවස්ථාවේ බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කු මහතා හමුවු සුභාෂිනී නිරංජලා වීරසිංහ මහත්මිය තම ශ්‍රී ලංකා සංචාරයේදී මෙම විශේෂ හෙල්ලය ලබා දීමට අදහස් කර ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ සුභාෂිනී නිරංජලා වීරසිංහ මහත්මිය සහ සමිත දුලාන්ගේ පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතා එක්වූහ.

සමිත දුලාන් ක්‍රීඩකයා විසින් අත් කර ගත් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණයන්.

  • 2016 යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ වාර්තාවක් සමගින් – රන් පදක්කම දිනා ගැනීම
  • 2018 යුද හමුදා පැරා මලල ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම
  • 2019 ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ – රන් පදක්කම දිනා ගැනීම
  • 2020 ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේ – රන් පදක්කම දිනා ගැනීම
  • 2021 ජපානයේ පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ – ලෝකඩ පදක්කම දිනා ගැනීම
  • 2022 ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියේ -රන් පදක්කම දිනා ගැනීම
  • 2022 යුද හමුදා පැරා මළල ක්‍රීඩා තරගාවලියේ – රන් පදක්කම දිනා ගැනීම
  • 2022 ඉන්දියා ජාතික විවෘත පැරා මළල ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම
  • 2023 ඕස්ට්‍රේලියා විවෘත පැරා මළල ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම
  • 2023 ප්‍රංශයේ පැවති ලෝක ශූරතා තරගාවලියේ – ලෝකඩ පදක්කම දිනා ගැනීම
  • 2023 චීනයේ පැවැති ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම
  • 2024 මොරොක්කෝ පැවති ලෝක ශූරතා තරගාවලියේ – රන් පදක්කම දිනා ගැනීම
  • 2024 ජපානයේ පැවැති ලෝක ශූරතා පැරා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම
  • 2024 ප්‍රංශයේ පැවති පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ – රිදී පදක්කම දිනා ගැනීම

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. කුසල් පෙරේරා
  6. කමිඳු මෙන්ඩිස්
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. දසුන් ශානක
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහීෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. චාමික කරුණාරත්න
  14. මතීෂ පතිරණ
  15. නුවන් තුෂාර
  16. බිනුර ප්‍රනාන්දු
  17. එෂාන් මාලිංග

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved