Connect with us

ක්‍රීඩා

බලපෑම් කලොත් මේක වෙන බව ICCය කලින් කිව්වා – SLCහි වැඩබලන ලේකම්

Published

on

ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් තහනම අහම්බයක් නොවන බවත් එය ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන්ගේ නොසැලකිල්ල මත සිදුවූවක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා කියයි.

 සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කපුවත්ත මහතා මේ බව සඳහන් කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් ශ්‍රී ලංකාව පැමිණි අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අනිසි බලපෑම් සිදුවන්නේ නම් ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකල බවත් ක්‍රිෂාන්ත කපුවත්ත  කියා සිටියි.

වැඩබලන ක්‍රිකට් ලේකම්වරයා මෙසේද පවසයි.

”මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේක හදිස්සියේ ඇති වෙච්ච තත්වයක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපි  මාස 4ක් 5ක් පුරාවටම වගකිවයුත්තන් දැනුවත් කරන්න කටයුතු කරා , ඒවට කිසිම යහපත් ප්‍රතිචාරයක්යක් ලැබී ලැබුණේ නැහැ . ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති උස්මාන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ  ජනාධිපතිතුමා පවා හමු වී මේ තත්ත්වය පැහැදිලි කළා. දැන් මේ තත්ත්වය දිගින් දිගටම ගිහිල්ලා අද මුළු ලෝක ප්‍රජාව දැනගෙන තිබෙනවා මේ ලංකාවේ ඇති වෙලා තිබෙන තත්ත්වය .. අපි බොහොම දරුණු විදිහට එකිනෙකාට දොස් පවරන්න බොහොම නරක තත්වයකට මේක පත් වෙලා තිබෙනවා .නමුත් අපි සියලු දෙනා එකතු වෙලා මේක නැවත යථා තත්වත්වයට පත් කරගන්න කටයුතු කරමු කියලා තමයි ඉල්ලා සිටින්නේ..

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. කුසල් පෙරේරා
  6. කමිඳු මෙන්ඩිස්
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. දසුන් ශානක
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහීෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. චාමික කරුණාරත්න
  14. මතීෂ පතිරණ
  15. නුවන් තුෂාර
  16. බිනුර ප්‍රනාන්දු
  17. එෂාන් මාලිංග

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved