Connect with us

ක්‍රීඩා

බ්‍රසීල පාපන්දු තරුව පේලේ දිවි ගමන නිමා කරයි!

Published

on

ජගත් පන්දු පිටිය සුපිරි තරුවක් වූ පේලේ, දිවි මගින් සමුගෙන තිබේ.

මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේ සමත් විය.

එසේම පා පන්දු ලෝක කුසලානය තෙවරක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩකයා වන්නේ ද පේලේය.

පසුගිය දිනකීපය පුරා පේලේ රෝහල්ගතව සිටියේය.

පේලේ ඇතුළත් කර සිටියේ සාඕ පාවුලෝ නුවර ඇල්බට් අයින්ස්ටයින් රෝහලටය.

පේලේ උදර පිළිකාවකින් පීඩා විඳි අයෙකි.

පසුගිය දිනවල වෛද්‍යවරුන් දිගින් දිගටම කියා සිටියේ පේලේගේ තත්ත්වය බරපතල බවත් ඔහුගේ වකගඩු අක්‍රිය වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය.

අවසන් දින කීපයේ පේලේගේ පවුලේ සාමාජිකයන් රෝහලට පැමිණ පේලේ අසල සිටි බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබුණි.

පේලේ ස්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය නොවැම්බර් 29 වැනිදා, මෙවර 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අතරතුරේය.

(ඒ.එෆ්.පී.)

ක්‍රීඩා

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

Published

on

By

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ.

ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “ඒ” කාණ්ඩය යටතේ තරග වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් පිල ඔක්තෝබරයේදී ලංකාවට

Published

on

By

තරග තුන බැගින් වූ එක්දින ජාත්‍යන්තර තරගාවලියක් හා පන්දුවාර විස්සයි 20 තරගාවලියක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිල ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුව පන්දුවාර විස්සයි 20 තරග තුන ඔක්තෝබර් 13, 15 හා 17 යන දින වලදී දඹුල්ල ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

මේ අතර, එක්දින ජාත්‍යන්තර තුන ඔක්තෝබර් 20, 23 හා 26 යන දින වලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

Continue Reading

ක්‍රීඩා

කමිඳුගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

පළමු ටෙස්ට් තරග 8දී නොකඩවා වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් (ලකුණු 50 සීමාව පසු කළ) වාර්තා කළ ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් අද (26) වාර්තා අතරට එක්වුණි. 

ඒ අනුව වසර 132ක් පැරණි ටෙස්ට් ඉතිහාසයේ මෙම දස්කම දැක්වූ පළමු ක්‍රීඩකයා ලෙස කමිඳු මෙන්ඩිස් සැලකෙයි.

නවසීලන්තයට එරෙහිව ගාල්ලේදී අද පැවැති 02 වැනි ටෙස්ට් තරගයේදී ඔහු මෙම වාර්තාව තැබීය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved