Connect with us

ක්‍රීඩා

මනූෂගේ කාලයේ රට ගිය නැති 4කුත් රට විරු කාර් අරගෙන ; වැඩෙන් 138ක බදු පාඩුවක්

Published

on

විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ වැඩසටහන යටතේ එම නිශ්චිත කාලයේ දී වරින් වර විදෙස්ගත වූ පුද්ගලයන් හාරසිය දහනව දෙනකුගේ ගිණුම්වලට ඇමරිකානු ඩොලර් පන්කෝටි පනස් හය ලක්ෂයකට අධික මුදලක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි එක්දහස් හයසිය හැට අටකට අධික මුදලක්) බැර වී ඇතැයි අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයන් අතරින් එකසිය අටදෙනෙක් වාර දහයේ සිට වාර තිස් නවයක් දක්වා වූ වාර ගණනක් විදේශගත වී තිබෙන බවත් හෙළි වී ඇත.

මේ බව හෙළි වී ඇත්තේ එම වැඩසටහන සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් වන අතර දින තුනත් දහයත් අතර කාලයක් විදේශගතව සිටි පුද්ගලයෝ පස් දෙනෙක් ද දින දහනවයත් මාස තුනත් අතර කාලයක් විදේශගතව සිටි පුද්ගලයෝ දස දෙනෙක් ද ඒ අතර වෙති.

මෙම බලපත්‍ර හිමිකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂා කර යම් අක්‍රමිකතාවක් සිදු කර තිබේ නම් ඒ සඳහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් රජයට සිදුව ඇති අලාභයන් ඔවුන්ගෙන් අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත.

මෙම පුද්ගලයන් සඳහා ද බලපත්‍ර ලබා දීමට එවකට කම්කරු හා විදේශ රැකියා සුබසාධන අමාත්‍යාංශය කටයුතු කිරීම හේතුවෙන් සලකා බලන ලද කාලසීමාවේදී ගිණුම්වලට කවරාකාරයකින් හෝ ලැබී ඇති ප්‍රේෂණ මුදල පිළිබඳව පමණක් අවධානය යොමුකර තිබූ බව ද එම පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

මේ අතර එම කාලසීමාවේ දී විදේශගත නොවූ පුද්ගලයන් සිව් දෙනකුට ද බලපත්‍ර නිකුත් කර තිබේ. 

එම තැනැත්තන්ගේ ගිණුම්වලට ඇමරිකානු ඩොලර් හාර ලක්ෂ හතළිස් පන් දහස් නවසිය හතළිස් දෙකක (ආසන්න වශයෙන් රුපියල් දාහතර කෝටි විසි නවලක්ෂයක්) විදේශ ප්‍රේෂණ ලැබී ඇති බවත් පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත. 

ඒ අතරින් තිදෙනෙක් සියයට සියයක් ද අනෙක් බලපත්‍රලාභියා සියයට හැත්තෑ තුනක් ද වශයෙන් ගිණුම්වලට ලැබී තිබූ ප්‍රේෂණ ඉවත් කරගෙන තිබී ඇත. 

විදේශගත නොවූ පුද්ගලයන්ගේ ගිණුම්වලට ලැබී තිබූ මෙම විදේශ මුදල් ප්‍රේෂණ මුදල් විශුද්ධිකරණය මගින් හෝ වෙනත් අනීතික ආකාරයකින් ලද මුදල් නොවන බවට අමාත්‍යාංශය තහවුරු කරගෙන නොතිබූ බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

මෙම වැඩසටහන යටතේ බලපත්‍ර එක්දහස් හැත්තෑ හතක් නිකුත් කර තිබේ. 

මෙම බලපත්‍රයක හිමිකම ලැබීමට විදේශගත වී සිටිය යුතු අවම නිශ්චිත කාලසීමාවන් අමාත්‍යාංශය නිශ්චය කර නොතිබූ බව ද පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම වසරේ ජුනි මාසය වන විට ආනයනය කර තිබූ වාහන 510ක් සඳහා පමණක් සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ හැටේ සිට එක්කෝටි විසිලක්ෂය දක්වා ඉහළ දැමීම නිසා රුපියල් එකසිය තිස් අට කෝටි හතළිස් ලක්ෂයක බදු ආදායමක් රජයට අහිමි වී තිබෙන බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

බලපත්‍ර ගොනු හැට හතරක් විගණන පරික්ෂාවට ඉදිරිපත් කර නොමැති අතර මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවය ආරක්ෂා කර නොතිබූ බවට ද විගණකාධිපතිවරයා නිගමනය කර ඇත.

ඉකුත් 2022 මැයි මස පළමු වැනිදා සිට 2023 වසරේ සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා කාලය ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

අදාළ කාලයේදී කම්කරු හා විදේශ රැකියා සුබසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ මනූෂ නානායක්කාර මහතාය.

මූලාශ්‍රය – අරුණ

සබැඳි පුවත්

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved