Connect with us

ක්‍රීඩා

මහේෂ් තීක්ෂණට ස්කෑන් පරීක්ෂණයක්

Published

on

ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ ඊයේ පාකිස්ථානය සමඟ පැවති තරගය අතරතුරේදී ආබාධයකට ලක්වීමත් සමඟ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.  

ඊයේ තරඟයේදී පන්දු රකිමින් සිටි තීක්ෂණගේ දකුණු කලව ඇදීමකට ලක්වීමත් සමඟ මෙලෙස අබාධයකට ලක්ව ඇත.

ඊයේ තියුණු තරගයකින් අනතුරුව පාකිස්තානය පරදවා, ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලි ඉතිහාසයේ 11 වැනි වරටත් අවසන් මහා තරඟයට සිදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ක්‍රීඩා

ලංකා T10 ලීගයේ කණ්ඩායම් හය මෙන්න!

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (01) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව මෙම කණ්ඩයම් වන්නේ : කලම්බු ස්ට්‍රයිකර්ස්, ගෝල් මාවල්ස්, ජැෆ්නා ටයිටන්ස්, කැන්ඩි බෝල්ට්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස් හා නිගම්බු බ්‍රේව්ස් ය.

දෙසැම්බර් මස 12දා – 22දා දක්වා පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (ක්‍රීඩකයින් තෝරා ගැනීම) නොවැම්බර් 10දා කොළඹදී සිදු කිරීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

මතීෂට කෝටි 45ක් ගෙවයි

Published

on

By

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්‍රීඩා කිරීමට නියමිතය.

ඒ ඔහුව ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කිරීම හේතුවෙනි.

එහිදී මතීෂට ඉන්දීය රුපියල් කෝටි 13ක් හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1.56ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 45ක් පමණ) හිමිවෙයි.

මතීෂ පතිරණට වඩා වැඩි මුදලකට ඊළඟ වාරය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් තවදුරටත් කණ්ඩායමේ රඳවාගෙන ඇති ඉහළම ගෙවීමක් ඇති ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ රටුරාජ් ගයික්වාඩ් සහ රවින්ද්‍ර ජඩේජා. ඔවුන් දෙදෙනාට ඉන්දීය රුපියල් කෝටි 18 බැගින් ගෙවීම් සිදුවේ.

Continue Reading

ක්‍රීඩා

1-0ක් ශ්‍රී ලංකාව පෙරමුණට !

Published

on

By

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

පල්ලේකැලේ ඊයේ (20) පැවැති මේ තරගයේ දී කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර, පන්දුවාර 38යි පන්දු 3කදී කොදෙව්වෝ කඩුලු 4ක් දැවී ලකුණු 185ක් රැස්කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල විය.

පැය දෙකකට වැඩි කාලයක් වර්ෂාව ඇඳහැළුණු නිසා තරගයේ පන්දුවාර සංඛ්‍යාව අඩුකර ශ්‍රී ලංකාවට පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවිය.

මෙහිදී ශ්‍රී ලංකාවට පන්දුවාර 37කදී ලකුණු 232ක ඉලක්කයක් හිමිවූ අතර, එම ඉලක්කය කඩුලු 5ක් දැවී තිබියදී තරගයේ 32(31.5) වැනි පන්දුවාරයේදී පසුකර යාමට සමත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක චරිත් අසංලක (77) හා සිය පළමු එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකල නිශාන් මධුෂ්ක (69) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

ඔවුන් දෙදෙනා ලකුණු 45කට කඩුලු 3ක් බිඳවැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 182ක් දක්වා ඉදිරියට රැගෙන යාමට කටයුතු කළහ.

එහිදී 5වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109කින් ලකුණු 137ක් රැස්කිරීමට සමත් විය.

තරගයේ වීරයා ලෙස චරිත් අසංලක සම්මා දිනාගත්තේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved