Connect with us

ක්‍රීඩා

මැතිසබේ විවාදය අතරතුර SLCය ට යන පාර වහයි

Published

on

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය පොලීසිය විසින් වසා දමා තිබේ.

ඒ අනුව මෙට්ලන්ඩ් පාර, ටොරින්ටන් මංසන්ධියේ සිට ගමනාගමනය සහ මාර්ගයට ප්‍රවේශ වීම වළක්වා ඇත.

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවක් වැළැක්වීම සඳහා මේ වන විට පොලීසිය සහ හමුදාව කැඳවා ඇති අතර, ඒ හේතුවෙන් මාර්ගය තාවකාලිකව වසා ඇති බව සඳහන්ය.

මේ අතර, බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද ලිපියක් භාර දීමට ක්‍රිකට් ආයතනය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

පොලීසිය විසින් උන්වහන්සේ අතරමඟ දී නවතා ඇති නමුත් පසුව ලිපිය භාර දීමට අවස්ථාව සලසා දී තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාව සඳහා වන පාර්ලිමේන්තු විවාදය මේවන විට ආරම්භ වී තිබේ.

එම විවාදයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා දූෂිත වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුලු නිලධාරි මණ්ඩලය වහා ඉවත්විය යුතු බවට සහ ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් නව නීති පද්ධතියක්, පනතක් හරහා සම්මත කළ යුතු බවට යෝජනා කර තිබේ.   

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර, ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.

එම යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (09) පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතය. 

මේ අතර, විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරතුරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ක්‍රිකට් ආයතනයේ ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති බව තමාට දැනගන්නට ලැබූ බවයි.

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved