Connect with us

ක්‍රීඩා

ලංකාවේ රග්බි නායිකාව දකුණු කොරියාවේදී අතුරුදන් වෙලා!

Published

on

දකුණු කොරියාවේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය නිමා වීමෙන් පසු අතුරුදන් වූ බව කියන ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලේ නායිකා දුලානි පල්ලියකොන්දගේ පිළිබඳ එරට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ඊයේ (14) තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නිමා වීමෙන් පසු අතුරුදන් වූ බව කියන කණ්ඩායම් නායිකාව පිළිබඳ දකුණු කොරියාවේ රග්බි සංගමය හරහා එරට පොලිසියට පැමිණිලි කිරීමට කණ්ඩායමේ කළමනාකාරිත්වය පියවර ගෙන ඇති අතර, ඊයේ පස්වරුව වනතුරු ඇය පිළිබඳ තොරතුරක් ලැබී නැතැයි පැවසේ.

ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි රග්බි කණ්ඩායම් ඊයේ රාත්‍රියේදී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි අතර, ඊට පෙර ඇය සොයා ගැනීමට අවසන් මොහොත දක්වාම උත්සාහයක නිරතවන බවට දකුණු කොරියානු පොලිසියේ ලාංකික නිලධාරීන්ට දැනුම් දී තිබූ බවද මේ අතර වාර්තා වේ.

දකුණු කොරියාවේ නම්ඩොං නුවර පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් දිනය වූ පෙරේදා හොංකොං පිල සමඟ පළඟ ශූරතා කාන්තා අවසන් තරගයට ක්‍රීඩා කළ දුලානි සිය කණ්ඩායම සමඟ තුන්වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පැවති පිරිමි කණ්ඩායම් තරගය නැරඹීමට එක්වී ඇති අතර, පසුව මාධ්‍ය හමුවට එක්වෙමින් සිය කණ්ඩායමේ පරාජය සහ කණ්ඩායමේ දුර්වලතා පිළිබඳ අදහස් පළ කර ඇතැයි ද වාර්තා වේ. 

අනතුරුව ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් රැඳී සිටි හෝටලය වෙත නැවත යෑම සඳහා ක්‍රීඩිකාවන් එක්රැස් කිරීමේදී කණ්ඩායමේ නායිකාව නොමැති බව දැන ගත් කළමනාකාරීණිය ඇයට යළි කණ්ඩායම රැඳී සිටි ස්ථානය කරා පැමිණෙන ලෙස ක්‍රීඩාංගණයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිංහල බසින් පණිවිඩ දෙකක් ප්‍රචාරය කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ඉන් පැයකට පමණ පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත හෝටලය දක්වා කණ්ඩායම් බස් රථයෙන් පිටත් කළ කළමනාකාරිණිය පිරිමි කණ්ඩායමේ කළමනාකරු, දකුණු කොරියානු රග්බි සංගමයේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමඟ එක්ව ඇය සොයා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා කාන්තා රග්බි ක්ෂේත්‍රයට මාතරෙන් බිහි වූ විශිෂ්ට ක්‍රීඩිකාවක වන 30 හැවිරිදි දුලානි පල්ලියකොන්දගේ දශකයකට ආසන්න කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ආසියානු රග්බි තරග බිමේ කැපී පෙනෙන දස්කම් දක්වා තිබේ. 

ඇය පසුගියදා එංගලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ රග්බි තරගාවලියට ද සහභාගි වී ඇත. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඇය අන්තර් සමාජ රග්බි තරග බිමේ දී සිය කණ්ඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කර ඇති ක්‍රීඩිකාවකි.

Continue Reading

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved