Connect with us

ක්‍රීඩා

ලොව වේගවත්ම කාන්තාව ෂ’කාරී

Published

on

කාන්තා මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය බවට පත්වීමට අමෙරිකාවේ ෂ’කාරී රිචඩ්සන් ඊයේ (21) සමත්වුණි.

හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවැත්වෙන 2023 ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගය සඳහා ජැමෙයිකාවේ ෂෙලි-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස්, ෂෙරීකා ජැක්සන්, බ්‍රිතාන්‍යයේ ඩීනා ඈෂර් ස්මිත් සහ අමෙරිකාවේ ෂ’කාරි රිචඩ්සන් ඇතුළු සුපිරි ක්‍රීඩිකාවන් 08ක් සුදුසුකම් ලබා තිබුණි.

අතිශය තියුණු තරගයකින් පසු අමෙරිකාවේ ෂ’කාරී රිචඩ්සන් කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමිනි.

ඇය එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර 10.65කි.

රිදී පදක්කම තත්පර 10.72 කින් එම ඉසව්ව නිම කළ ජැමෙයිකාවේ ෂෙරීකා ජැක්සන් හිමිකරගත් අතර, ගියවර ලෝක ශූරියවූ ෂෙලි-ඈන් ෆ්‍රේසර්-ප්‍රයිස් තත්පර 10.77කින් තරගය නිම කර ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය.

එසේම රිචච්සන් මෙම වසරේ සිව්වන වේගවත්ම මිටර් 200 ඉසව් කාලයද පල කර ඇත.

ක්‍රීඩා

දකුණු අසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ලංකාව රනින් බැබළෙයි

Published

on

By

දකුණු අසියානු වයස අවුරුදු 20න් පහළ කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට කාන්තා මීටර් 800 අවසන් තරගයට සහභාගී වූ තරුෂි අභිෂේකා සමත් වූවාය.

ඒ තරගය මිනිත්තු 2යි තත්ත්පර 10යි දශම 17කින් අවසන් කරමිනි.

මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම තරගය මිනිත්තු 2යි තත්ත්පර 12යි දශම 13කින් අවසන් කළ ශ්‍රී ලංකාවේ සංසලා හිමාෂනි දිනා ගත්තාය.

මේ අතර පිරිමි මීටර් 800 ධාවන ඉසව්වේ රන් පදක්කම ද දිනා ගන්නට ශ්‍රී ලංකාවේ සවිදු අවිශ්ක සමත් වූයේ මිනිත්තු 1යි තත්ත්පර 49යි දශම 83කින් තරගය අවසන් කරමිනි.

මේ අතර කාන්තා මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගන්නට ශ්‍රී ලංකාවේ ෂනේලා සෙනෙවිරත්න සමත් වූයේ තත්ත්පර 12යි දශම 04කින් තරගය අවසන් කරමිනි.

මෙහි සිව්වැනි ස්ථානය ශ්‍රී ලංක‍ාවේ ධනනී රෂ්මා දිනා ගත්තාය.

මේ අතර පිරිමී මීටර් 100 අවසන් මහ තරගයේදී  රන් පදක්කමක් දිනා ගැනීමට මෙරෝන් විජේසිංහත් (තත්ත්පර 10යි දශම 41) රිදී පදක්කම දිනාගැනීමට දිනේත් ඉඳුවරත් (තත්ත්පර 10යි දශම 49) සමත් විය.

එම තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවරදී ය.

Continue Reading

ක්‍රීඩා

සනත් ජයසූරියට තවත් සේවා දිගුවක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු සනත් ජයසූරියගේ සේවා කාලය තවත් තරගයකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව නවසීලන්තය සමඟ පැවැත්වෙන තරගාවලියට ද ඔහු සිය දායකත්වය ලබාදීමට නියමිතය.

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් එම ධුරයෙන් ඉල්ලා අස් විය.

අනතුරුව පැවැති ඉන්දීය තරගාවලියට සහ එංගලන්ත ටෙස්ට් තරගාවලියට වැඩ බලන පුහුණුකරු ලෙසයි සනත් ජයසූරිය පත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

ඒ අතර කාලයේදී නව පුහුණුකරුවකු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව ද ඔවුන් සඳහන් කළහ.

කෙසේ වෙතත් සනත් ජයසූරියගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව වසර 27කට පසු ඉන්දියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයගැනීමට සමත් වීමත් විශේෂත්වයකි.

ඉන් අනතුරුව එළැඹී එංගලන්ත ටෙස්ට් තරගාවලිය දෙකට එකක් ලෙස පරාජයට පත් වූවත්, අවසන් තරගය කඩුලු 08කින් ජයගැනීමට සමත් විය.

එය එංගලන්තයට එරෙහිව වසර 10කට පසු ලැබූ ටෙස්ට් ජයග්‍රහණයයි.

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දෙවන තරගය එම ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 26වැනිදා ආරම්භ වේ.

Continue Reading

ක්‍රීඩා

දසවසරකට පසුව ලංකාව එංගලන්තය පරදා ටෙස්ට් ජයක් ලබයි

Published

on

By

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127යි.

සිය 11වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් අද (09) වාර්තාකළේ සිය 2 වන ටෙස්ට් ශතකය යි.

ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32යි.

ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111කි.

මෙම තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 – 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් විය.

මෙය 2014 වසරට පසුව ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වෙයි.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ගේ ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 325 ක් රැස්කළේය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 263ක් රැස්කළේය.

නමුත් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ලැබූ සිව්වන ටෙස්ට් තරග ජයග්‍රහණයයි. 

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved