Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා දැල්පන්දු පිල අද ජැමෙයිකාව සමඟ ගැටෙයි!

Published

on

දහසය වැනි ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අද (28) දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී ආරම්භ වේ.

මෙවර තරගාවලියට සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් කණ්ඩායම් 16ක් තරග වැදීමට නියමිතය.

පසුගිය වසරේ අගෝස්තු 12 වැනිදා වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම පසු වූ කණ්ඩායම් 5 වන වත්මන් ශූරීයන් වන නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජැමෙයිකාව, එංගලන්තය සහ උගන්ඩාව මේ තරගාවලියට ඍජුවම සුදුසුකම් ලැබූ කණ්ඩායම් වේ.

එසේම සත්කාරක දකුණු අප්‍රිකාව ද මෙවර තරගාවලියට එක්වූයේ සෘජුවම සුදුසුකම් ලැබූ කණ්ඩායමක් ලෙසයි.

සෙසු කණ්ඩායම් 10 සුදුසුකම් ලැබීමේ තරගාවලි මඟින් ලෝක ශූරතාවලියට එක් විය.

ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, ටොන්ගෝ, ෆීජී, මලාවි, සිම්බාබ්වේ, ස්කොට්ලන්තය, වේල්සය, බාබඩෝස් සමඟ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සුදුසුකම් ලැබීමේ තරගාවලි මඟින් මේ තරගාවලියට එක්වූ කණ්ඩායම් වෙති.

මේ කණ්ඩායම් 16 මූලික වටයේදී කාණ්ඩ 4ක් යටතේ තරග බිමට පිවිසෙයි.

ආසියානු ශූරියන් වෙමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් වෙන් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‘සී’ කාණ්ඩයෙන් තරග වදින අතර, එම කාණ්ඩයට සත්කාරක දකුණු අප්‍රිකාව, ජැමෙයිකාව සහ වේල්සය ඇතුළත්ව සිටී.

සිංහධේනුවන් (The Lionesses) ලෙස අන්වර්ථ නාමයෙන් හඳුන්වන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට එක්වන 11 වැනි අවස්ථාව මෙයයි.

මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා පිල අවසන් වරට පැවති (2019) තරගාවලියට එක් විය.

එහිදී 15 වැනි ස්ථානයට පත් වූ අතර, ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වූ 1963දී සිලෝන් ලෙස එක් වූ මේ කණ්ඩායම 9 වැනි ස්ථානය හිමි කර ගෙන ඇති අතර, එය මෙතෙක් තරගාවලියේ හිමි කර ගෙන ඇති ඉහළම ස්ථානයයි.

තරගාවලිය ආරම්භ වන අද දිනයේම ශ්‍රී ලංකා පිල මූලික වටයේ පළමු තරගයේදී ජැමෙයිකාවට එරෙහිව තරග බිමට පිවිසෙන අතර, හෙට (29) දෙවැනි තරගයට එක් වන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවය.

ශ්‍රී ලංකා පිල සහභාගී වන මූලික වටයේ අවසන් තරගය ඉරිදා (30) වේල්සයට එරෙහිව පැවැත්වේ.

අවසන් වරට 2019 වසරේ එංගලන්තයේ පැවති තරගාවලියේදී ඔස්ට්‍රේලියාව පරදවා ශූරතාව දිනා ගැනීමට නවසීලන්තය සමත් විය.

මේ වන විට නවසීලන්තය ලෝක කුසලානය 5 වරක් දිනා ගෙන ඇති අතර, සෙසු තරගාවලි 10දීම ඔස්ට්‍රේලියාව ශූරියන් වී තිබේ.

1979 වසරේ තරගාවලියේදී මේ දෙපිල සමඟින් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සම ශූරියන් බවට පත් විය.

මේ කණ්ඩායම් දෙකට අමතරව දකුණු අප්‍රිකාව සහ එංගලන්තය එක් වරක් බැගින් අනුශූරතාව දිනා ඇත.

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 
ගයන්ජලී අමරවංශ (නායිකාව), දුලංගි වන්නිතිලක (උප නායිකාව), තිසාලා අල්ගම, ගයනි දිසානායක, සෙමිණී අල්විස්, චතුරංග ජයසූරිය, මල්මි හෙට්ටිආරච්චි, භාෂිණී ද සිල්වා, රශ්මි පෙරේරා, කෞෂල්‍යා විජේසූරිය, ශානිකා පෙරේරා සහ තර්ජනී සිවලිංගම්.

ක්‍රීඩා

වනිඳුට පළමු තරගය අහිමි වෙයිද?

Published

on

By

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බංග්ලාදේශයට එරෙහිව හෙට (10) පැවැත්වෙන පළමු 20යි 20 තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වෙයි.

ඔහුගේ පාදයේ කලවා ප්‍රදේශයේ මාංශ පේශීවල ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙම අවිනිශ්චිතතාවය මතුව ඇත.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කරමින් පළමු 20 -20 තරගය හෙට රාත්‍රී 7ට පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.‍

Continue Reading

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved