Connect with us

ක්‍රීඩා

සිළුමිණට පැනවූ ක්‍රිකට් වාරණය තවත් දික්කරයි!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පතේ ලිපි පළ කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති හා උප සභාපති පැවරූ නඩුව විභාගයට නොගෙන මුල් අවස්ථාවේම ප්‍රතික්ෂේප කරන්නැයි සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) නඩුවේ විරෝධතා ගොනු කරමින් කොළඹ දිසා අධිකරණයෙන් ඊයේ (25) ඉල්ලා සිටියේය.

පැමිණිලිකරුවන් වංචාකාරීව හා ප්‍රෝඩාකාරීව අත්‍යවශ්‍ය කරුණු වසන් කරමින් වාරණ නියෝග ලබාගෙන ඇති බවත් පිරිසුදු දෑතින් තොරව අධිකරණය ඉදිරියට පැමිණ ලබාගත් වාරණ නියෝග විසුරුවා හැර නඩුව නිෂ්ප්‍රභ කරන ලෙසත් විරෝධතා මඟින් ඉල්ලීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් සිළුමිණ පුවත්පතේ ලිපි පළ කිරීම පොදු මහජන යහපත උදෙසා මහජනයා වෙත සත්‍ය කරුණු හෙළිදරව් කිරීමක් පමණක් බවත් මහජනයා සතු කරුණු දැන ගැනීමේ අයිතිය රඳවා තබමින් සාධාරණ විවේචනයක් සඳහා ලිපි පළ කර ඇති බවත් එමඟින් පැමිණිලිකරුවන් හෝ අන් කිසිවකුට හිංසනයක් කිරීමේ චේතනාවක් විත්තිකරුවන් සතුව නැති බවත් විරෝධතා මඟින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම නඩුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ ඊයේ (25) කැඳවූ අවස්ථාවේදී අදාළ වාරණ නියෝගය අගෝස්තු 4 වැනි දින දක්වා දීර්ඝ කළ අතර විත්තිකරුවෝ මෝසමක් මඟින් අධිකරණයට විරෝධතා ඉදිරිපත් කළහ.

2023 අප්‍රේල් මස 23 වැනි දින හා ජුනි මස 18 වැනි දින සිළුමිණ පුවත්පතේ පළවූ ලිපි දෙකකින් තමන්ට අපහාසයක් සිදු වූ බවට සඳහන් කරමින් ක්‍රිකට් සභා‍පති ෂම්මි සිල්වා සහ උප සභාපති රවීන් වික්‍රමරත්න මහත්වරු මෙම නඩු පැවරූහ.

නඩුවේ විත්තිකරුවන් ලෙස මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ් සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නම් කර ඇත.

අදාළ පැමිණිල්ල ඒකපාර්ශ්විකව සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා පසුගිය 26 වැනි දින මෙම වාරණ නියෝග නිකුත් කර තිබිණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ කේ.අයි.එම්. ජයවර්ධන මහත්මිය මඟින් මෙම විරෝධතා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එම විරෝධතාවල මෙසේ ද සඳහන් වේ.

පැමිණිලිකරුවන් විසින් බැලූ බැල්මට ජයගත හැකි නඩුවක් අධිකරණයට ඉදිරිපත් කර නැති අතර අදාළ ලිපිවලට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට මාස දෙකකට අධික කාලයක් ගත වී ඇති අතර එය සිවිල් නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අයුතු ප්‍රමාදයක් වේ. විත්තිකරුවන්ට පැමිණිලිකරුවන් සම්බන්ධයෙන් ද්වේෂසහගත අදහසක් නැති අතර සත්‍ය කරුණු හෙළිදරව් කිරීමට පමණක් මෙම ලිපි පළ කර ඇත.

නඩුවට පාදක අදාළ ලිපිවල හරය වී ඇත්තේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පත් කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ප්‍රමුඛ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ කොමිසම ඉදිරිපත් කළ වාර්තාව බව සඳහන් කර ඇති විත්තිකාර ආයතනය අදාළ වාර්තාවේ පිටපතක් ද විරෝධතා සමඟ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ සංජය ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් එම්.අයි. ජයවර්ධන මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ සංජීව දහනායක මහතා පෙනී සිටියේය.

(දිනමිණ)

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved