Connect with us

ක්‍රීඩා

හතුරුසිංහට ලොකු හතුරුකමක්

Published

on

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් විසින් තම ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ නොබෝ දිනකින්ම තනතුරෙන් ඉවත්කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

එලෙස චන්දික හතුරුසිංහගේ පුහුණුකරු භූමිකාව දැඩි ලෙස විවේචනය කළ බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා පවසන්නේ බංග්ලාදේශ පිල අතීතයේ ලැබූ සාර්ථකත්වය සාමුහිකත්වය මත ගොඩනැගුණු එකක් බවත්, හතුරුසිංහ මැජික්කාරයෙකු නොවන බවත්ය.

බංග්ලාදේශයේ ඇතිවූ අරගලකාරී තත්ත්වය මත හිටපු ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ඉල්ලා අස්වූ අතර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු ප්‍රධානියා ලෙස කටයුතු කළ ෆාරුක් අහමඩ් මෙයට සතියකට පමණ පෙර බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිවරයා ලෙස පත්වීම ලබා ගත්තේය.

ඒ, අනුව නව සභාපතිවරයා සිය පළමු මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ චන්දික හතුරුසිංහ තවදුරටත් බංග්ලාදේශයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු නොකළ යුතු බවය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, චන්දික හතුරුසිංහ හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය අතර ඇති ගිවිසුම අනුව ඔහු 2025 චැම්පියන් කුසලාන තරගාවලිය දක්වා කටයුතු කළ යුතු වුවද, සභාපතිවරයාගේ අදහස අනුව ඔහු ඉදිරි දින කිහිපයේදී තනතුරෙන් ඉවත් විය යුතු බවය.

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 02කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) ප්‍රකාශයට පත් කර තිබේ.

නිත්‍ය නායක ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත.

මෙහි මූලික සංචිතයට ලහිරු කුමාර ඇතුළත්ව සිටියත් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇති බැවින් ක්‍රීඩා නොකරන බව එම නිවේදනයේ දැක්වේ.
මෙම තරගය ජුනි 17දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය : පැතුම් නිශ්ශංක, ඕෂද ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, ඉසිත විජේසුන්දර

Continue Reading

ක්‍රීඩා

ICC ටෙස්ට් ලෝක ශූරතාවය, ද. අප්‍රිකාවට

Published

on

By

ඉතිහාසයේ පළමු වරට දකුණූ අප්‍රිකාව අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගත්තේය.

ඒ ප්‍රබල ඔස්ට්‍රේලියා 2025 අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයේ පරාජයට පත් කරමිනි.

ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 212ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 138කි.

දෙවැනි ඉනිමට ඔස්ට්‍රේලියාව ලකුණු 207ක් රැස් කළේය.

දකුණු අප්‍රිකාව අවස්ථා රැසකදී අවසන් මහා තරග වලට පිවිසියත් ක්‍රිකට් ලෝක ශූරතාවයක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වේ

Continue Reading

ක්‍රීඩා

“ක්‍රීඩාවේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග” 17 වැනිදා පාර්ලිමේන්තුවට…

Published

on

By

ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇති ‘ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග’ සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිවිය.

එම කාරක සභාව තරුණ කටයුතු සහ ක්‍රීඩා ගරු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ සභාපතීත්වයෙන් සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සහභාගීත්වයෙන් අද (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම නියෝග සළකා බලා අනුමතිය ලබාදීම සිදුවිය.

මෙහිදී ක්‍රීඩාවට අදාළව ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (World Anti-Doping Agency / WADA) මගින් සෑම වසරකට වරක් ප්‍රසිද්ධියට පත් කරන ලැයිස්තුවට අනුව ශ්‍රී ලංකාව ද මෙම ගැසට් පත්‍රය මගින් අදාළ නීතිමය යාවත්කාලීන කිරීම සිදුකරන බව මෙහිදී නිලධාරීහු පැවසූහ. මෙහිදි ඇතැම් උත්තේජක ද්‍රව්‍ය ලැයිස්තුවට අලුතින් එක්වන බවත් ඇතැම් ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් වන බවත් නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ. උදාහරණයක් ලෙස ‘කැෆේන්’ නම් ද්‍රව්‍ය මේ වන විට ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බවත් නිලධාරීහු සඳහන් කළහ.

මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුග්‍රහය ලබා ගැනීමට ඇති හැකියාව, දිවයින පුරා යෞවන සමාජ පිහිටුවීමට ඇති ගැටලු, තරුණ සේවා නිලධාරීන්ගේ හිඟය, ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවන් ග්‍රාමීය මට්ටමින් දියුණු කිරීමේ අවශ්‍යතාවය ආදි කරුණු මෙම අවස්ථාවට සහභාගීවූ මන්ත්‍රීවරයන් කාරක සභාවේ අවධානයට යොමු කළහ. ඒ අනුව ගතහැකි පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරයන් සහ සමාජික නොවන මන්ත්‍රීවරයන් පිරිසක්ද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved