Connect with us

ක්‍රීඩා

හරීන් රොෂාන් දැමූ අතුරු කමිටු 2ක් විසුරුවාහරියි

Published

on

ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලසනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු විසුරුවා හරිමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය වසරේ ජුලි මස 28 වැනි දින එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ මහතා විසින් කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා එම සංගමයේ කටයුතු තාවකාලිකව පවත්වාගෙන යාමට අතුරු කමිටුවක් පත්කරනු ලැබිණි.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ අත්හිටුවීම සිදු කළ ගැසට් පත්‍රය අවලංගු කර ඇති අතර, කරාතේ දෝ සම්මේලනයේ කටයුතු මීට පෙර පැවති නිලවරණයෙන් තේරී පත්වූ නිලධාරී මණ්ඩලය වෙත පවරා තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත. එය පහත දැක්වේ.

ක්‍රීඩා

ඉන්දියාව ආසියානු ක්‍රිකට් කවුන්සිල වර්ජනයක?

Published

on

By

පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්විගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවන ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය මීට හේතුවයි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

කොදෙව් ටෙස්ට් නායකත්වයට රොස්ටන් චේස්

Published

on

By

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නව නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් නම්කර ඇත. 

33 හැවිරිදි වියේ පසුවන චේස්, කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් තරග 49ක ඉනිම් 90කදී ලකුණු 2,265ක් රැස්කර තිබේ.

ඔහු ශතක 5ක් හා අර්ධ ශතක 11කට හිමිකම් කියයි.

චේස් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගය ඔහුගේ 50වන ටෙස්ට් තරගය වනු ඇත.

කෙසේ නමුත් 2023 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාකළ ටෙස්ට් තරගාවලියෙන් පසු ඔහු මේ දක්වා කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩාකර නොමැත.

කොදෙව් ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ක්‍රේග් බ්‍රැත්වේට් පසුගිය මාර්තු මස ඉන්දීය කොදෙව් නායකත්වයෙන් ඉවත් විය.

Continue Reading

ක්‍රීඩා

හෙට යළිත් ඇරඹෙන  IPL

Published

on

By

ඉන්දු – පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි හෙට (17) සිට ආරම්භවීමට නියමිතව ඇත.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර කොල්කටා නයිට් රයිඩර් කණඩායම පසුවන්නේ එහි හයවන ස්ථානයේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved