Connect with us

ක්‍රීඩා

හැනිබල්ට සද්දේ දැම්මට වනිඳුට තරග 2ක් තහනම්; තරග මුදලින් 50%ක දඩයක්

Published

on

ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉකුත් 21 වැනිදා පැවැති විස්සයි 20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් එම දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් අද (23) පස්වරුවේ දැනුම් දුන් බවත් එම නිලධාරියා කීය.

ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමිවේ.

එම තරගයේ නිපන්දුවක් පිළිබඳව ලින්ඩන් හැනිබල් මහතා සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) ඔහුට මෙම දඩුවම් පැනවීය.

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමට අලුත් හිමිකරුවෙක්

Published

on

By

එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනය කරයි.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්‍රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.

LPL තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බව සඳහන් වේ.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

සබැඳි පුවත්:

Continue Reading

ක්‍රීඩා

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් අත්හිටුවයි

Published

on

By

එළඹෙන LPL තරගාවලිය සඳහා සහභාගීවීමට නියමිතව සිටි දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කටයුතු කළ බව ලංකා ප්‍රිමියර් ලීග් නිවේදනය කරයි.

LPL සංවිධායක කමිටුවේ සභාපති අනිල් මොහාන් මහතා පවසා ඇත්තේ  LPL තරගාවලියේ විනිවිදභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙම පියවර ගත් බවය. 

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ Imperial Sports Group ප්‍රධාන විධායක නිලධාරී තමීම් රහමාන් මුහුණදී ඇති නීතිමය කරුණු සලකාබලා ඉහත තීරණය ගත් බවයි.

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා යෝජනා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම් හිමිකරු සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තමීම් රහමාන් මැයි  31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියම කළේය.

Continue Reading

ක්‍රීඩා

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

Published

on

By

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමිනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved