ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා හා නෙදර්ලන්තය අතර අද (09) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට මුහුණ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහභාගි නොවන බව වාර්තා වේ.
ඒ ඔහුගේ පාදයේ මතු වූ ආබාධයක් හේතුවෙනි.
දිමුත් වෙනුවට ධනංජය සිල්වා නෙදර්ලන්තය සමග අද (09) පැවැත්වෙන තරගයට මුහුණ දීමට නියමිතය.
එසේම, අද තරගයේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස් බවද සිම්බාබ්වේ දේශයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.