කෙටි සංචාරයක් සඳහා අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන මස මෙරටට පැමිණිීමට නියම්තය.
මීට පෙර එක් ටෙස්ට් තරගයක් හා එක්දින ජාත්‍යන්තර තරග දෙකක් පැවැත්වීමට දෙරට මුලින් එකඟ වී තිබුණද, අයර්ලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ පවසා තිබුණේ තරග කාලසටහනේ වෙනසක් සිදුකිරීමට එකඟත්වය පළකර ඇති බවයි.
ඒ අනුව, අප්‍රේල් 16 – 20 දක්වා හා අප්‍රේල් 24 – 28 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.
අප්‍රේල් 09දා මෙරටට පැමිණීමට නියමිත අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් 29දා මෙරටින් පිටත් වීමට නියමිත බව වාර්තා වේ.