ක්‍රීඩා

ආර්ජන්ටිනාවට පරාජය; සෞදියට නිවාඩු

Published

on

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම පරදවා සෞදි ආරාබි කණ්ඩායම ඊයේ (22) ලැබූ ජයග්‍රහණයේ සතුට සැමරීම සඳහා සෞදි අරාබියේ සියලුම සේවකයන්ට සහ පාසල් සිසුන්ට අද (23) නිවාඩු දිනයක් ලෙස එරට සල්මාන් රජු ප්‍රකාශයට පත්කර තිබේ.

තරග 36කින් අපරාජිතව ආ ආර්ජන්ටිනා කණ්ඩායමේ ජයග්‍රාහී ගමන සෞදි අරාබිය හමුවේ ඊයේ එලෙස අවසන් විය.

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ඊයේ පැවැති එම තරගයෙන් ගෝල 2ට 1ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම පරජයට පත් කරමින් සෞදි අරාබිය ජයග්‍රහණය කිරීමට සමත් වීමත් විය.

තරගයේ 10 වන මිනිත්තුවේදී ලියොනාල් මෙසී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමෙන් ආර්ජන්ටිනා කණ්ඩායමට ප්‍රථම ගෝලය ලබාගත්තේය.

තරගයේ පළමු අර්ධයේදී ආර්ජන්ටිනා කණ්ඩායම තවත් ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්වුවද එම ගෝල සියල්ල ඕෆ් සයිඩ් වීම හේතුවෙන් ආර්ජන්ටිනා කණ්ඩායමේ උත්සාය අපතේ ගියේය.

ප්‍රථම අර්ධය අවසානයේ ආර්ජන්ටිනා කණ්ඩායම පෙරමුණේ පසුවිය.

කෙසේ වෙතත් තරගයේ 48 වන මිනිත්තුවේදී නැවතත් තරගය උණුසුම් කරමින් සෞදි අරාබිය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට Saleh Alshehri සමත්විය.

අනතුරුව ක්‍රියාත්මක වූ Salem Aldawsari තරගයේ 53 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගයේ වාසිය සෞදි අරාබි කණ්ඩායමට හිමිවිය.

Trending

Exit mobile version