චීනයේ හංජෝ හි පැවැත්වෙන 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (T44) මීටර 100 ඉසව්‌වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික පැරා ක්‍රීඩක නුවන් ඉන්දික සමත් විය.
නුවන්, එම ඉසව්ව තත්පර 11:63කින් නිම කිිරීමට සමත් වූ අතර එහි රිදී පදක්කම මලයාසියාව සහ ලෝකඩ පදක්කම චීනය විසින් දිනාගනු ලැබීය.
එමෙන්ම ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ (T46) මීටර් 1500 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා පැරා ක්‍රීඩක ප්‍රදීප් සෝමසිරි සමත් විය.
T46 මීටර් 1500 ඉසව්ව නිමකිරීමට ප්‍රදීප් සෝමසිරි ගත කළ කාලය මිනිත්තු 4:05.14 කි.