තායිලන්තයේ පැවැත්වෙන ආසියානු සහය දිවීමේ ශූරතා තරගාවලියේදී අද (20) පස්වරුවේ පැවැති මීටර 400×4 මිශ්‍ර සහාය ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනාඩි 3.14.12ක කාලයකදී තරගය නිමාකරමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වූහ.
අරුණ දර්ශණ, සයුරි මෙන්ඩිස්, පසිඳු කොඩිකාර හා නදීෂා රාමනායක යන අයගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත විය.
මෙහි රන් පදක්කම විනාඩි 3.17.00කින් තරගය අවසන් කළ ඉන්දීය කණ්ඩායමත්, ලෝකඩ පදක්කම විනාඩි 3.18.45කින් අවසන් කළ වියට්නාම කණ්ඩායමත් දිනාගත්තේය.
සහාය දිවීමේ ශූරතා තරගාවලියක් ආසියාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීමද විශේෂිතය.