අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව පවසා ඇත.
එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන්, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, උප සභාපතිවරයා සහ භාණ්ඩාගාරිකවරයා කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ රුපියල් බිලියන 2.4ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනුකළ බවය.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
කෝප් එකත් ක්‍රිකට් ආයතනයට විකිණිලාද ? ක්‍රීඩා ඇමති චෝදනා කරයි
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සභාපතීත්වයෙන් වෙනම පාර්ලිමේන්තු කමිටුවක් පත්කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඔහු පැවසුවේ කෝප් කමිටුව වෙනුවට එම අලුතෙන් පත්කරන කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ඉඩ දිය යුතු බවයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට ඊයේ කැඳවූ අවස්ථාවේදී අවශ්‍ය දේ විමසනු වෙනුවට අදාළ නොවන කාරණා සම්බන්ධයෙන් කෝප් සාමාජිකයින් කරුණු විමසූ බවයි.
“මට සැකයි කෝප් එකත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකිණිලා ද කියලා” ; යන්න එහිදී අමාත්‍යවරයා පැවසීය.