පසුගිය සිකුරාදා දින හම්බන්තොටදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමී පන්දු යැවීමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඇෆ්ගනිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් 20% ක දඩයක් නියම කර තිබේ.
නියමිත වේලාව තුළදී යැවිය යුතු පන්දුවාර සංඛ්‍යාවට වඩා එක් පන්දුවාරයක් පසුපසින් සිටීම නිසා ඇෆ්ගන් කණ්ඩායමට මෙම දඩ මුදල ගෙවීමට සිදුව තිබේ.
තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් වූ නිතින් මෙනන් හා ප්‍රගීත් රඹුක්වැල්ල මෙන්ම තෙවැනි විනිසුරු මයිකල් ගෝ සහ සිවුවැනි විනිසුරු ලින්ඩන් හැනිබල් යන මහත්වරු මේ බව පැමිණිළි කිරීමෙන් අනතුරුව එමිරේට්ස් අයිසීසී එලයිට් තරග තීරක මණ්ඩලයේ රන්ජන් මඩුගල්ල මහතා විසින් එම දඩ මුදල නියම කර ඇත.
ඇෆ්ගන් පිලේ නායකයා විසින් වරද පිළිගැනීමත් සමග විධිමත් විභාගයක් අවශ්‍ය නොවූ බව ICCයේ වෙබ් අඩවියේ දැක්වේ.