ක්‍රීඩා

ඉන්දියාවට සුපිරි ජයක්

Published

on

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ (11) පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

ඉන්දීය ආරම්භ පිතිකරුවන් වන නායක රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 121ක සබඳතාවක් ගොඩනැගුවේය.

එහිදි ශුබ්මන් ගිල් ලකුණු 58ක් සහ රෝහිත් ශර්මා ලකුණු 56ක් ලබාගත්තේය.

තරගය ආරම්භ කරමින් පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත්විය.

තරගය අතරතුර වර්ෂාවෙන් බාධා එල්ලවුවද, තරගයේ පන්දුවාර අඩුකිරීමක් සිදුවූයේ නැත.

එහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා පිතිකරණයක නියැලුණු කෝලි සහ කේ එල් රාහුල් ශතකය බැගින් රැස්කිරීමට සමත්විය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කෝලි එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යාමට අද සමත්විය. හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් සමග පන්දු 94කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට ලකුණු 122ක් ඇතුළත් විය.

Trending

Exit mobile version